“ආදරණීය ප්‍රාර්ථනා” ළඟදීම

නොවැම්බර් 19, 2020

තරුණ නිර්මාණ අධ්‍යක්ෂ වාසව බධුගේගේ කුලුඳුල් අධ්‍යක්ෂණය වන "ආදරණීය ප්‍රාර්ථනා" ළඟදීම එළිදැක්වේ. තුන්කොන් ප්‍රේම කතාවක් වටා ගෙතුණු මෙම සිනමා සිත්තමේ ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ ශනුද්‍රි ප්‍රියසාද්, නෙත්මි රොෂෙල්, රාහුල් වරාවිටගේ යන රංගන ශිල්පීන් වේ.

"ආදරණීය ප්‍රාර්ථනා"හී අධ්‍යක්ෂණය, කැමරා අධ්‍යක්ෂණය වාසව බදුගේගෙන් වන අතර නිෂ්පාදනය කර ඇත්තේ අශාන් කන්නන්ගර, යසස් මැදගෙදර සහ වාසව බදුගේ වේ. මෙහි පිටපත ගංගානාත් වීරසිංහ සහ මලින්දු ගජධීර විසින් රචනා කර ඇත. සාම්ප්‍රදායික සිනමාපට රීතියෙන් බැහැරව වෙනස්ම ආරකින් නිර්මාණය කර ඇති "ආදරණීය ප්‍රාර්ථනා" චිත්‍රපටය සඳහා සහාය අධ්‍යක්ෂණයෙන් ධනුෂ්ක පෙරේරාද සංස්කරණයෙන් සඳරුවන් පෙරේරාද යශී සිල්වා කලා අධ්‍යක්ෂණයෙන්ද දායක වී ඇත. මෙම චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය යසස් මැදගෙදර විසින් සිදුකර ඇති අතර ශෙහාන් ගලහිටියාව ගීපද රචනා කර ඇත.