සුදත් රෝහණ කල්තොට දී මාණික්කවත නිර්මාණයේ

ජූලි 1, 2021

 

සම්මානනීය ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ එමෙන්ම ස්වාධීන රූපවාහිනි සේවයේ සභාපති සුදත් රෝහණ විසින් දිගු කලකට පසු නිර්මාණය කරන නවතම ටෙලි වෘත්තාන්තයේ රූප ගැන්වීම් මේ දිනවල බලංගොඩ කල්තොට ප්‍රදේශයේ දී සිදු වෙයි. මේ සඳහා පාදකව ඇත්තේ මහින්ද ප්‍රසාද් මස්ඉඹුල විසින් රචනා කරන ලද මාණික්කාවත නවකතවයි. මෙහි තිරනාටකය ද මහින්ද ප්‍රසාද් ගෙනි. ෆාහිම් මවුජිඩ් විසින් නිෂ්පාදනය කරන ලද මෙහි ජගත් චමිල, උමා අශේනි , සරත් කොතලාවල, මයුර පෙරේරා, වොල්ගා කල්පනී, උදයන්ති කුලතුංග, නිරෝෂන් විජේසිංහ, සමන් ඒකනායක, ප්‍රියංකර රත්නායක, දයාසිරි හෙට්ටිආරච්චි, ජී.ආර්.පෙරේරා, ඩබ්ලිව්.ජයසිරි, චතුරංග දිසානායක, රිචඩ් මානමුදලි, පහන්දි නෙතාරා, කාවින්දි නිර්මාණී, නෙස්ටා මානෙත්, සනත් විමලසිරි, නයනා හෙට්ටිආරච්චි, පවිත්‍රා වික්‍රමසිංහ, මිගාර බමුණුසිංහ, සුදත් ලියනගේ ආදිහු චරිත මවති. තුසිත අනුරාධ කැමරා අධ්‍යක්ෂණයෙන් ද නිමල් විජේසිරි නිෂ්පාදන කළමනාකාරිත්වයෙන් ද පියතිස්ස අකුරම්බොඩ කලා අධ්‍යක්ෂණයෙන් ද දායක වන මාණික්කාවත ප්‍රධාන සහාය අධ්‍යක්ෂණය චමින්ද උඩලෙගෙනි. දෙවැනි සහාය අධ්‍යක්ෂ නිරෝෂන් එදිරිමාන්නගෙනි.