මහවිරු පණ්ඩු සමඟ එන කවිඳු දිල්ශාන්

ජූලි 8, 2021

ලාබාල වයසින්ම කලාලොවට එක්වන්නට හැකිවීම යමෙකු ලබන සැබෑම වාසනාවක්. එවන් වූ වාසනාවන්තයෙක් තමයි පී.ඩී කවිඳු දිල්ශාන් කියන්නෙත්. පාසල් අවධියේ සිටම කලා කතුසලතාවයන් කර පින්නා ගත් කවිඳු මේ වන විට කලා ක්ෂේත්‍රයේ දිගු ගමනකට සූදානම් වෙනවා. මේ දිනවල දිග හැරෙන ටෙලිනාට්‍ය කිහිපයකින් වගේම වේදිකා ගතවන වේදිකා නාට්‍ය කිහිපයකිනුත් ඔහු අප නෙතු මානයට පැමිණෙනවා. තමාගේ කලා කටයුතු ගැන කවිඳු අපිත් එක්ක කතා කළේ මේ විදහට.

‘‘මම කලා ක්ෂේත්‍රයට අවතීර්ණ වන්නේ පාසල් වේදිකාව ඔස්සේයි. මා අධ්‍යාපනය ලැබූ මාරපොල මහා විද්‍යාලය මට අමතක කරන්න බැහැ. පාසල් සමයේ දී පාසලේ වේදිකා නට්‍ය වගේම සෑම කලා කටයුත්තකට වගේම මම දායක වුණා. රංගනය , ගායනය වගේම වාදනයටත් දක්ෂතාවයක් මා සතුව පවතිනවා. උසස් පෙළ විභාගයෙන් පසුව මට ටෙලිනාට්‍ය කලාවට එක් වන්නට හැකියාව ලැබෙනවා. ඒ සනත් අබේසේකර අධ්‍යක්ෂණය කළ ‘මහ විරු පණ්ඩු ‘ ටෙලි නාට්‍යයට. එහි මම ප්‍රධාන චරිතයක් වූ රණාගේ මිතුරෙක් ලෙස රඟපානවා. මේ නට්‍ය රංගනය මගේ ජීවිතේ වෙනස්ම ගමන් මඟකට මාව රැගෙන යන්නට සමත් වුණා.‘‘ කවිඳු පවසන්නේ සතුටිනි.

එම ටෙලිනාටයයෙන් අනතුරුව කවිඳු තවත් ටෙලි නාට්‍ය කිහිපයකට ම රංගනයෙන් දායක වී ඇත. රූපවාහිනී නාළිකාවල විකාශය වූ හදවතේ කතාවක්, 33 කාමරේ වැනි නාට්‍ය කිහිපයකම ඔහුගේ අපූරු රංගනයන් දක්නට ලැබෙයි.

‘‘ඇත්තටම රංගනය කියන්නේ හරිම සුන්දර අත්දැකීමක්. මට රංගනයේ යෙදෙන්නට වුණේ ලංකාවේ ප්‍රවීණ වගේම ජනප්‍රිය කලාකරුවන් සමඟ. ඇත්තටම ඔවුන් හරිම නිහතමානියි. ඔවුන්ගෙන් ලැබුණු සහයෝගය කලා ක්ෂේත්‍රෙය් ඉදිරියට යන්න මට විශාල සහයෝගයක් වුණා. මේ දිනවල මම චානක මධුෂංකගේ ‘සහෝදරයෝ‘ වේදිකා නාට්‍යයේ රඟපානවා. ඒ වගේම වෙළෙඳ දැන්වීම් කිහිපයකත් රඟපාන්න අවස්ථාව ලැබුණා. මේ සියල්ල එක්ක මට ලැබෙන ප්‍රතිචාරත් ඉතාම හොඳයි. ‘‘ කවිඳු පවසයි. කලා ලොවේ දිගු කලක් ඉදිරියට යන්නට මඟ බලා සිටින කවිඳුගේ අනාගත බලාපොරොත්තුව දක්ෂ නැටුම් ගුරුවරයෙක් වගේද දක්ෂ කලා ශිල්පියෙක් වීමයි. එලෙසම,

කලා ලෝකයට අවතීර්ණ වන්නට තමාට අවස්ථාව ලබා දුන් හැදෙනාටම ස්තූතිය පුද කරන්නට කවිඳු අමතක කළේ නැහැ.‘ පාසල් කාලයේ සිටම මට අතදුන් හුඟ දෙනෙක් හිටියා. මගේ අම්මා චන්ද්‍රිකා හේමමාලි, තාත්තා පුෂ්පකුමාර උදය සිරි, සහෝදරිය වගේම මගේ අක්කා වන දර්ශනීවත්, සනත් අබේසේකර, යාන් මාපලගම, රනුක අයියා ඇතුළු හැමදෙනාම ආදරයෙන් සිහිපත් කරනවා. අංක 62/2, මැදගම් පිටිය, දිවුල පිටිය කවිඳුගේ ලිපිනයයි.