ශලනි එක්ක Chalo

ජූලි 8, 2021

 

පාපන්දු ක්‍රීඩාව මුලික කරගෙන තැනූ ටෙලිනාට්‍යයක් වන "Chalo" ළඟදීම ස්වර්ණවාහිනී නාළිකාවෙන් විකාශය වන බවට පූර්ව ප්‍රචාරණ පට මේ දිනවල විකාශය වෙනවා. පාපන්දු ක්‍රීඩාවෙහි නිරත වන පාසල් දැරියන් පිරිසක් ක්‍රීඩාවෙන් තම ඉලක්ක කරා යන කතා තේමාව මුල් වුණු එම ටෙලිනාට්‍යයෙහි ප්‍රධාන චරිතය නිරූපණය කරන්නේ දක්ෂ සහ ජනප්‍රිය සම්මාන ද්වයම එකවර දිනාගත් රංගන ශිල්පිනී ශලනි තාරකා විජයබණ්ඩාර විසින්. ඇය සමාජ ජාලාවලට ඡායාරූපයක් පළ කරමින් කීවේ මේ ටෙලිනාට්‍යය සැමට නව අත්දැකීමක් බවයි.