වර්ෂ 2022 ක්වූ August 17 වැනිදා Wednesday
'රැල්ල වෙරළට ආදරෙයි' 20වැනිදා සිට හිරුගෙන්

අධ්යක්ෂ නිවන්ත ප්‍රසාරගේ නවතම ටෙලි නිර්මාණය 'රැල්ල වෙරළට ආදරෙයි' අගෝස්තු 20 වැනි සිකුරාදා සිට සතියේ දින පහේම රාත්‍රි 8.30ට හිරු නාළිකාව ඔස්සේ නැරඹිය හැකියි. ධීවර සංස්කෘතියෙන් මතුවන තරුණයෙකු හා එම ප්‍රදේශයේම එම සංස්කෘතියේම මුදල් යහමින් ඇති පවුලක තරුණියක වටා ගෙතෙන ආදරකතාවක් තේමා කර ගනිමින් නිමැවෙන මෙය හිරු ටීවී නිෂ්පාදනයකි. පිටපත අරුණ ජයවර්ධනගෙනි. කැමරාකරණය ස්ටයිනර් ඇඩම්ස් හා වේශනිරූපණය ජනක බණ්ඩාරගෙනි.නිෂ්පාදන කළමනාකරණය නලීන් ගජනායක විසිනි. මහේන්ද්‍ර පෙරේරා, බිමල් ජයකොඩි, මීනා කුමාරි, දර්ශන් ධර්මරාජ්, චමිලා පීරිස්, රිචඩ් මානමුදලි, කෝකිල පවන්, රන්දික ගුණතිලක, අමන්දා ජයරත්න, චතුර රාජපක්ෂ, තරින්දි ප්‍රනාන්දු, මිලින්ද පෙරේරා මෙහි රංගනයෙන් දායක වෙති.