වර්ෂ 2022 ක්වූ May 29 වැනිදා Sunday
“හිතුවක්කාරී” ස්වාධීන රූපවාහිනියෙන්

ජී. නන්දසේනගේ අධ්‍යක්ෂණයක් සහ මහේෂ් රත්සර මද්දුමාඅරච්චිගේ තිරරචනයක් වන "හිතුවක්කාරී" ටෙලිනාට්‍යය ඔක්තෝබර් 20 වැනිදා සිට ස්වාධීන රූපවාහිනී නාළිකාවෙන් විකාශය වීමට නියමිතය.
එහි නිෂ්පාදනය ජේ.ඒ. සුසිලා ජයසිංහගෙන් වන අතර සංස්කරණය නුවන් සිංහාධිපතිගෙනි. දිනේෂ් සුබසිංහ විසින් "හිතුවක්කාරී" ටෙලිනාට්‍යයේ පසුබිම් සංගීතය නිර්මාණය කර ඇත.
ශ්‍රියන්ත මෙන්ඩිස්, මීනා කුමාරි, සාරංග දිසාසේකර, එමාෂා සෙනෙවිරත්න, සම්පත් ජයවීර, සූර්යා දයාරුවන්, අනුරාධා එදිරිසිංහ, ධනංජි තාරුකා ඇතුළු රංගන ශිල්පී ශිල්පිනීන් රැසක් මේ ටෙලිනාට්‍යය සඳහා රංගනයෙන් දායක වෙති.