වර්ෂ 2022 ක්වූ May 20 වැනිදා Friday
මලී නැවතත්...

දෙරණ නාළිකාවේ විකාශය වූ මලී ටෙලි වෘත්තාන්ත ප්‍රේක්ෂක ඔබට නැවතත් රස විඳීය හැකියි. නොවැම්බර් පළමුවැනිදා (සඳුදා) සිට එය සතියේ දිනවල දහවල් 12.30 සිට 3.00 දක්වා පුරා පැය දෙකහමාරක කාලයක් එක දිගට දෙරණ නාළිකාවේ විකාශය වේ. වසර දහයකට පසු මලී නැවත විකාශය පිළිබඳ දෙරණ උප සභාපති ලක්සිරි වික්‍රමගේ පළ කළේ මෙවන් අදහසකි..' මලී විකාශය වෙන්නේ මීට අවුරුදු දහයකට පෙර. ඒ වන විට දෙරණ වටා එකතු වී සිටි ප්‍රේක්ෂක සංඛ්‍යාව වගේ ම ප්‍රේක්ෂකයත් වෙනස් වෙලා. ඒ දිනවල මලීට තිබුණ ප්‍රේක්ෂක ප්‍රතිචාර නිසාම මලී නැවත විකාශය කරන්න අපි හිතුවා. දැන් මලී මඟහැරුණ අයට නැවත බලන්න පුළුවන්'. කොටස් 476 ක් පුරා විකාශය වූ මලී අධ්‍යක්ෂණය නිමල් රත්නායකගෙනි. නිෂ්පාදන ජානක සිරිවර්ධනයි. සුනන්ද සිල්වාගේ තිර රචනයක් වූ මලී සංස්කරණය ජගත් වීරතුංගගෙනි. නැසීගිය ගාමිණි හෙට්ටිආරච්චි මහතා මෙන්ම දුලීකා මාරපන, සමාධි අරුණඡායා, ඇතුළු ප්‍රවීණ රංගන ශිල්පීහු රැසක් මෙහි රංගනයෙන් දායක වෙති.