ජයසේකර අපෝන්සු නැවතත් ප්‍රධාන චරිතයකින්

ඔක්තෝබර් 28, 2021

ජයසේකර අපෝන්සු කලකට පසුව ප්‍රධාන චරිතයක් රඟදක්වන "සඳකැන් හසරැල් පිපෙනා" ටෙලිනාට්‍යයේ රූගත කිරීම් කටයුතු ආරම්භ වී ඇත.

තුසිත වීරසිංහ මෙම ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණය කරන අතර නිෂ්පාදනය කරනු ලබන්නේ වීර එන්ටර්ටේන්මන්ට් ආයතනය වේ. කපිල විමුක්ති විසින් මෙම ටෙලිනාට්‍යයේ සංගීත අධ්‍යක්ෂණය කරයි.

ක්ෂේත්‍රයේ දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පීන් ශිල්පිනියන් රාශියක් මේ සඳහා රංගනයෙන් දායක වේ. ජයසේකර අපොන්සු, සනෝජා බිබිලේ, මල්කාන්ති ජයසිංහ, ඉෂාන් ගම්මුදලි, ශාලිකා එදිරිසිංහ, නෙරංජලා ජයසිංහ, දමිත් මෙන්ඩිස්, ජනක කල්තොට, ඉරේෂා වෙත්තසිංහ, සුසන්ත ජයසිරි, රජීව් අසංක, හෙලන් මංජුල සිල්වා, නිෂාන්ත් කුමාරගේ යන රංගන ශිල්පීන් වෙති. ශෙවෝන් සෙනුත් වීරසිංහ, අසේන්ත සිඳීල් පෙරේරා, සිතුමි සෙනාරා වීරසිංහ ළමා නළු නිළියන් ලෙස මේ සඳහා දායක වෙති.