වර්ෂ 2023 ක්වූ October 04 වැනිදා Wednesday
ඇලිස් ඉරිදාට රූපවාහිනියේ

නොනවතින ජීවන අරගලයක නිරතවන ඔබ අප කොයි කා අතිනුත් ගිලිහී යාමට හැකි අපේ වැඩිහිටියන්ගේ ශෝකාන්තය “ඇලිස්” දෙසැම්බර් 26 වන ඉරිදා සවස 2.30 ට ජාතික රූපවාහිනිය ඔස්සේ විකාශය වේ. ජානකී හිල් විසින් තිර රචනය කර අධ්‍යක්ෂණය කරන “ඇලිස්” ඒකාංගික ටෙලි සිත්තමේ ශ්‍රියානි අමරසේන, උමාලි තිලකරත්න, බිමල් ජයකොඩි, කෝසලා මැද්දෙගොඩ, නිලූකා දමයන්ති සහ හඳුන්වා දෙන ළමා නිළි ජෙත්මි දහම්දි රංගනයෙන් දායක වෙති. පීටර් හිල් නිෂ්පාදනයෙන් ද සමන්ත විජේසිංහ සහය අධ්‍යක්ෂණයෙන් ද, චන්න දේශප්‍රිය කැමරා අධ්‍යක්ෂණයෙන් ද, අතුල එදිරිසිංහ සංගීත අධ්‍යක්ෂණයෙන් ද, ලහිරු මධුමාධව වේශනිරූපණයෙන් ද, රදික සඳරුවන් නිෂ්පාදන කළමනාකරණයෙන් ද, මලිත් ගමගේ සහ උජිත ජයසංඛ කලා අධ්‍යක්ෂණයෙන් ද, දෙවැනි සහය අධ්‍යක්ෂණයෙන් අනුර ද සිල්වා සම්බන්ධ වන “ඇලිස්” ටෙලි සිනමා සිත්තම අරකවිල නර්තන හා නාට්‍ය පදනමේ ඉදිරිපත් කිරීමකි.