වර්ෂ 2023 ක්වූ October 01 වැනිදා Sunday
කපිලගේ අදිසි නදිය චන්දන අතින් ටෙලි තිරයට

2019 වර්ෂයේ ස්වර්ණ පුස්තක සම්මානය දිනූ කපිල කුමාර කාලිංගගේ අදිසි නදිය නවකතාව ඇසුරෙන් නිර්මාණය කෙරෙන ටෙලි සිතුවමක මුහුරත් උලෙළ මොරටුව රන්දිය හෝටලයේ දී පැවැත්විණි.
අදිසි නදිය නමින්ම තැනෙන එය චන්දන හේවාපතිරණගේ අධ්‍යක්ෂණයකි. පුබුදු චතුරංග, මාෂි සිරිවර්ධන, ගිහාන් ප්‍රනාන්දු, ඩබ්ලිව්. ජයසිරි, සංජීව දිසානායක, ධර්මප්‍රිය ඩයස්, ගිවන්ත අර්ථසාද්, ජානක හාල්පන්දෙනිය, නිරෝෂා තලගල, අශේන් සිරිවර්ධන, දයා වයමන්, සරත් කරුණාරත්න, කුමාර තිරිමාදුර, සුදාරා රන්දි ඇතුළු පිරිසක් මෙහි රංගනයෙන් දායක වෙති.
කුමාරි පණ්ඩිතරත්න විසින් නිෂ්පාදනය කෙරෙන අදිසි නදිය කැමරා අධ්‍යක්ෂණයෙන් ඉන්දික අත්තනායක, කලා අධ්‍යක්ෂණයෙන් සුමති කුඩලිගම, වේශ නිරූපණයෙන් ප්‍රියන්ත ඊශ්වර, සහය අධ්‍යක්ෂණයෙන් චමින්ද හේවාවසම්, සංගීත අධ්‍යක්ෂණයෙන් කපිල පූගලආරච්චි, සංස්කරණයෙන් ජගත් වීරතුංග සහ නිෂ්පාදන සම්බන්ධීකරණයෙන් කුමුදුනි රංජුලා පෙරේරා දායක වෙති.