පුංචි තිරයට අලුතෙන් එන

හර්ෂක සෝමරත්න
පෙබරවාරි 17, 2022

 

රංගන ශිල්පියෙක් ලෙස කටයුතු කරන ඔහු හර්ෂක සෝමරත්න. රංගනය මෙන්ම ගායනය නිවේදනය ඇතුළු කලා අංශ ගණනාවක් යටතේ හර්ෂකගේ දස්කම් දැකබලා ගැනීමට පුළුවන. ඔහු වත්මනෙහි ශ්‍රද්ධා ටීවී මාධ්‍ය ජාලයේ සේවය කරයි.

 

වේදිකාව, ටෙලිවිෂනය සහ චිත්‍රපට මාධ්‍ය තුනටම මගේ දායකත්වය ලබාදී තියෙනවා. මගේ ප්‍රථම වේදිකා නාට්‍යය සහෘදයාණනි ගමනේ යා. ඒක අධ්‍යක්ෂණය කළේ කමල් තිලකරත්න ඊට පසුව මිනිස්කම, පිස්සු හැදෙන සඳ, වෙස් මාරුව, ඉන්නවා හිටං ඇතුළු වේදිකා නාට්‍ය රැසකට මගේ රංගන දායකත්වය ලබා දුන්නා. සමාවෙන්න සර්, සෙනෙහසේ ගීතය, සිත නිවන කතා, සිහින පියාපත්, මුතුමලී, රාවණා, දෙයියන්නෙ රටේ, කෝපිකඩේ, ආගන්තුකයා, මහවිරු පණ්ඩු වගේ ටෙලි නාට්‍යවල විවිධ චරිත රඟපාන්න මට අවස්ථාව ලැබුණා. ඒ සියලූ අවස්ථාවන් මම අත්දැකීම් කරගෙන රංගනය පිළිබඳ තව තවත් හැදෑරීම් කළා. ගායනයෙනුත් දක්ෂතාවයක් ඇති බවට දන්න හින්දා රූපවාහිනී වැඩසටහන් සඳහාද දායක වුණා. රන් කෙවිට, බොම්බෙ වෙල්වට්, ඇඩ්ඩ්‍රස් නෑ, මහරජ අජාසත්ත, කවුරුවත් දන්නෑ, ගුත්තිල, මන්දාරා වගේ චිත්‍රපටය චිත්‍රපටවලට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. ඒ අතරින් කවුරුවත් දන්නේ නෑ චිත්‍රපටය මේ දවස්වල තිරගත වෙනවා. මම වඩාත් ප්‍රිය කරන්නේ රංගන ශිල්පියෙක් විදිහට ඉස්සරහට යන්න. ඒ අතරතුරදී නිවේදනයටත් හැකියාවක් තියෙන නිසා වැඩසටහන් ඉදිරිපත් කරන්නත් මම දායකත්වය ලබා දෙනවා.

 

 

 

සේයාරුව - නිශ්ශංක විජේරත්න