සොබා සොඳුරු සිරි අරගෙන තරංග ප්‍රසාද් හේරත්

මැයි 26, 2022

පෙරවරු 6.30ට සියත ඊම නාළිකාව ඔස්සේ පත්තර විස්තර ඔබ හමුවට ගෙන එන මේ පරිණත නිවේදකයා ඔබ ආලින්දයට එන්නේ දිනපතා නිකුªත් කෙරෙන සියලුම ජාතික පුවත්පත්වල ප්‍රවෘත්තී සමාලෝචනයත් සමඟයි. දේශපාලනඥයකු වටා ගෙතුණු කාලීන සිදුවීමක් හරහා සියත ඊම ඔස්සේ විකාශය වන පිළිසදර වැඩසටහන සහ යාත්‍රා ඉදිරිපත් කරන්නේද ඔහුය. විද්වතුන්, ප්‍රවීණයන් සමඟ එක්ව සමාජ කථිකාවක් ගොඩනගමින් ඉදිරිපත් කරන සියත ඊම සුන්දර සෙනසුරාදා වැඩ සටහන ඉදිරිපත් කරන්නේ ද ඔහු නිවේදකයාය.

විද්‍යුත් රූපවාහිනි නාළිකා කිහිපය ඔස්සේ ඔබ හමුවට එන තරංග ප්‍රසාද් හේරත් නැමැති මේ වැඩසටහන් නිවේදකයකු පමණක් නොවේ. රූපවාහිනි වැඩසටහන් අධ්‍යක්ෂවරයෙකි. වැඩසටහන් නිෂ්පාදකවරයෙකි. එපමණක් නොව ඔහු සතු විෂන් විව් හිමිකරු මෙන්ම කළමණකාර අධ්‍යක්ෂවරයා ද ඔහුය.

කුරුණෑගල වාරියපොළ නිජ බිම කරගත් තරංග ප්‍රසාද් ප්‍රාථමික අධ්‍යාපනය වාරියපොල ඥනොදය මධ්‍ය මහ විදුහලින් හැදැරු අතර උසස් පෙළ දක්වා ඉගෙනුම කළේ වාරියපොළ සුමංගල විදුහලිනි. කැළණිය විශ්ව විද්‍යාලයෙන් බාහිර උපාධිය හැදැරූ ඔහු ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් ජනමාධ්‍ය පිළිබඳ ඩිප්ලෝමාධාරියෙකි.

2000 වසරේ ස්වර්ණවාහිනියේ නිවේදක ලෙස ඔහු තේරී පත්වුයේ විශාල අයදුම්කරුවන් සමුහයක් අතුරින් ජය ලබමිනි. එදවස ස්වර්ණවාහිනියේ දැවැන්ත මාධ්‍යවේදියකු වූ හේමනලින් කරුණරත්නගෙන් පුහුණුව ලද තරංගගේ මාධ්‍ය ගුරුවරයා වුයේ ද හේමනලින් කරුණරත්නය.

ඔහුගේ ප්‍රථම වැඩසටහන වුයේ ස්වර්ණවාහියෙන් විකාශය වූ රංගන වරම හා ගායන වරම වැඩසටහනයි. ස්වර්ණවාහිනියෙන් විකාශය වූ ‘දිය ඇලි ගීතය’ නම් වූ ශ්‍රී ලංකාවේ දිය ඇලි 100ක් පිළිබඳ වාර්තමය වැඩසටහන් ඉදිරිපත් කළේ ඔහු විසිනි.

සජීවි වැඩසටහන් ගණනාවක් ද ඉදිරිපත් කරමින් එයට සමාගාමීව ඔහුගේ වෘත්තීයේ ආරම්භය වුයේ වැඩසටහන් නිෂ්පාදවරයාගේ භූමිකාවයි. ස්වර්ණවාහිනියේ ඔහු සහාය නිෂ්පාදවරයකු ලෙස පත් වී පසුව නිෂ්පාදකවරයකු ලෙස උසස් වීමක් ලැබීය.

පසුව හේමනලීන් කරුණරත්න ගේ හෙරිටේජ් ඊම ආයතනයට ඔහු පුර්ණ කාලීනව සම්බන්ධ වුයේ වැඩසටහන් නිෂ්පාදකවරයකු සහ නිවේදකයකු ලෙසය. වාර්තාමය වැඩසටහන් ඉදිරිපත් කිරීම පිළිබඳ හෙරිටේජ් ඊම ආයතනයෙහි සොබා දහම සහ අපේ උරුමයට මුල්තැන දුන් හෙරිටේජ් ඊම ප්‍රථම වාර්තා වැඩසටහන වුයේ ද තරංග ප්‍රසාද් විසින් ඉදිරිපත් කළ දියඇලි වැඩසටහනයි. හෙරිටේජ් ඊම වැඩසටහන් විදෙස් රටවල පවා නැරඹිය හැක.

වැඩසටහනක් බවට පත් කිරීම සඳහා සොබා දහම, සෞන්දර්ය ශ්‍රී ලංකා උරුමය පිළිබඳ වාර්තාමය වැඩසටහන් ගණනාවක් ඉදිරිපත් කිරීමට දායක වූ පිරිස අතර තරංග ප්‍රසාද් ඉදිරියෙන් සිටි තැනැත්තෙකි. ඔහු පසුව හෙරිටේජ් ඊම හී වැඩසටහන් කළමනාකාර තනතුර හෙබවීය. ඒ සමඟම විදෙස් රටවල වාර්තාමය වැඩසටහන් කිහිපයක් ඉදිරිපත් කිරීමට ද ඔහුට අවස්ථාව එළැඹුණේ සිංගප්පුරුව, තායිලන්තය ආදී රටවලය.

පසුව ඔහු විසින් ඔහුගේම ආයතනයක් විෂන් වීව් නමින් ඇරඹියේ මෙම ආයතනය මඟින් විවිධ වූ වැඩසටහන් නිෂ්පාදනය කළ අතර වෙළඳ දැන්වීම් ද ඔහු කළ නිර්මාණ අතර විය. ඒ සමඟම සියතඊම ආයතනයෙන් ලද ආරාධනයක් අනුව සියතඊම වැඩසටහන් නිෂ්පාදකවරයකු ලෙස කටයුතු කිරීමට අවස්ථාව සැලසිණි. සියත ඊම ඔස්සේ විවිධ වැඩසටහන් ඉදිරිපත් කළ ඔහු සවස 1 - 3 දක්වා කාලය තුළ සියත ඊම හී ‘හොඳම එක’ නමින් වැඩසටහනක් ඇරඹුයේය. රූපවාහිනි තිර කාලය පිළිබඳ සිදුකරන ලද සමීක්ෂණයකට අනුකූලවය. මෙම තිර කාලය තුළ සමාජයට වැඩදායක වූ වැඩසටහනක් ඉදිරිපත් කිරිමේ අභිලාෂයෙන් ඔහු විද්වතුන්, ආචාර්ය, මහාචාර්යවරු ලේඛකයන්, ග්‍රන්ථි, කතුවරුන්, සම්බන්ධ කර ගනිමින් සමාජයට වැඩදායක කතාබහක් ගොඩ නැගිමේ අරමුණින් ආරම්භ කරන ලදි.

සියත ඊම හී සංචාරක වැඩසටහනක් වන සොබා වැඩසටහන ආරම්භ කළේ ද ඔහු විසිනි. සංචාරක ආකර්ෂණීය ස්ථාන, ජන ගීතය, සොබා දහම සංස්කෘතිය මුල් කොට ගත් සොබා වැඩසටහන සුමති සහ රයිගම් ටෙලි සම්මාන උළෙල හිදී වසරේ හොඳම නිවේදක සහ හොඳම වාර්තා වැඩසටහනට ඔහු නිර්දේශ විය.

තරංග විසින් සිය යු ටියුබ් චැනලය වන ඊපචමඥත ර්චන එඪබඩ තරංග නමින් සොබා වැඩසටහන් ඇතුළු සොබා සිරිය පිළිබඳ වැඩසටහන් විශාල ප්‍රමාණයක් ඉදිරිපත් කර ඇත. තරංග සතු විෂන් විව් ආයතනයට පුර්ණ කාලය කැප කිරීම සඳහා සියත ඊම ආයතනයෙන් ස්ථිර සේවයෙන් ඉවත් වුව ද නිදහස් මාධ්‍යවේදියකු, නිවේදකයකු ලෙස තවදුරටත් ඔහු සියත ඊම වැඩසටහන් සමඟ පේ‍්‍රක්ෂකයාට සමීපව සිටී. චරණ ඊම හිද ඔහු වාර්තා වැඩසටහන් කිහිපයක් ඉදිරිපත් කර ඇත.

සොබා වැඩසටහනේ අධ්‍යක්ෂිකා ඔහුගේ බිරිඳ වන ඉඳුනිල් මෙන්ඩිස්ය. ඉරෝෂ් ජයවර්ධනගේ කැමරාකරණයෙන් හැඩ ගැන් වූ සොබා වැඩසටහන විශාල පේ‍්‍රක්ෂක ප්‍රසාදයක් දිනා ඇති අතර සංචාරකයන් විවිධ ආකර්ෂණීය ඉසව් පිළිබඳ විමසීම් සිදුකරන්නේද තරංග ප්‍රසාද්ගෙන් වීම විශේෂත්වයකි. ඔහු සංගීත ප්‍රසංග සම්මාන ප්‍රධාන උත්සව යනාදී වැඩසටහන් බෞද්ධ වැඩසටහන් ආදී ගණනාවකට සිය දායකත්වය ලබා දී ඇත.

ප්‍රවීණ නිවේදිකාවක මෙන්ම වැඩසටහන් අධ්‍යක්ෂවරියක වූ ඉඳුනිල් මෙන්ඩිස් සමඟ විවාහ වී සිටින තරංග ප්‍රසාද් සසෙන්යා සිතු දමා නැමැති දියණියකගේ දයාබර පියෙකි.

මාධ්‍යකරණයේ මෙතෙක් දුරක් පැමිණිමට ඔහු දිරි ගැන් වූ හේමනලින් කරුණරත්න නැමැති මාධ්‍යයේ ප්‍රවීණය ඔහු අද සිහිපත් කරන්නේ කෘතඥතා පුර්වකමය.