වර්ෂ 2023 ක්වූ December 03 වැනිදා Sunday
වීදුරු මල් හෙට ස්වාධීන රූපවාහිනියෙන්

අයාල්, පියවි, යාය හතර, රාහු, බටහිර අහස, ඇසිඞ්, විවිඅයිපි වැනි ජනප‍්‍රිය ටෙලි නාට්‍ය රැසක් අධ්‍යක්ෂණය කළ ප‍්‍රකට ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ චාමර ජනරාජ් පීරීස්ගේ නවතම ටෙලි නිර්මාණය ”වීදුරු මල්” මේ මස 22 වැනිදා (හෙට* සිට සෑම සතියේ දිනකම රාත‍්‍රී 8.30 ට ස්වාධීන රූපවාහිනී නාලිකාවෙන් විකාශය වේ.
ධනුක ඩි අල්විස් තරුණ මෘදුකාංග ඉංජිනේරුවෙක්. ඔහු පෞද්ගලික ආයතනයක රැකියාවක නියැළේ. ඔහුගේ බිරිඳ බිනුරි. ඔවුන් විවාහ වී තවම අවුරුදු දෙකක් ගතවී නැහැ. ධනුක මින් පෙර රැකියාව කළේ හිටපු මුදල් අමාත්‍යවරයකුගේ පරිගණක අංශයේ ප‍්‍රධානියා හැටියට. හිටපු ඇමතිවරයා දිනක් ධනුකට ඇමතුමක් දීලා ඔහුගෙන් යම් උදව්වක් ඉල්ලයි. ධනුක එය කරදීමට නොපැකිළව ඉදිරිපත් වේ. එදින නිවෙස බලා පැමිණෙමින් සිටි ධනුකට මැර ප‍්‍රහාරයක් එල්ල වේ. මැරයෝ ධනුකගේ පරිගණකය :ඛ්චඑදච* රැගෙන යති.
හිටපු මුදල් අමාත්‍යවරයා සතුව ඇති රාජ්‍ය රහසක් මේ පරිගණකය තුළ ඇතැයි විශ්වාස කරන යම් කණ්ඩායමක් මෙම පහරදීම සිදුකළත්, පරිගණකයේ එවැන්නක් නොමැති බව තහවුරු වේ. නමුත් ධනුකගේ හිටපු පෙම්වතිය වූ විනුෂාගේ පෞද්ගලික තොරතුරු රැසක් එම පරිගණකයේ ඇති බැවින් එම පිරිස ධනුකට ඔවුන්ට අවශ්‍ය රාජ්‍ය රහස ලබාදෙන ලෙසටත් එසේ නොකළොත් විනුෂාගේ පෞද්ගලිකත්වය නැති කර දමන බවටත් තර්ජනය කරති. එතැන් සිට ගලා යන ”වීදුරු මල්” ටෙලි නාට්‍යයේ ප‍්‍රධාන චරිත නිරූපණයෙන් ධනංජය සිරිවර්ධන, දුෂේනි සිල්වා හා දිලේෂා විජේරත්න දායක වෙති.
කතාව අධ්‍යක්ෂ චාමරගේම වන අතර ”වීදුරු මල්” නිෂ්පාදනය කරන්නේ කපිල සුගත් විජේරත්නයි.