රට සමෘද්ධිමත් නම් කලාව සමෘද්ධිමත්

රංගන ශිල්පී-අධ්‍යක්ෂ නිරෝෂන් ඉලේපෙරුම
ජනවාරි 26, 2023

කලා ක්ෂේත්‍රය තුළ අප බොහෝ විට දන්නා හඳුනන චරිත, විශේෂයෙන් රංගන ශිල්පීන්, කලාවේ අපදන්නා හඳුනන චරිත කලාවේ අත්පොත් සපුරාලනු යේ වේදිකාවෙන් නැතහොත් ටෙලිනාට්‍ය වලිනි. කලාවේ දීර්ඝ චාරිකාවේ යෙදෙද්දී සිනමාව යන දැවැන්ත මාධ්‍යය ඔවුනට හමු වනුයේ ඉන්පසුවය. බොහොමයක් සිනමා තරු පවසනුයේ තමන් මෙතැනට පැමිණියේ බොහෝ අසීරුතා මධ්‍යයේ බවය. වේදිකාව රූපවාහිනිය ජය ගැනීමට පෙර තම මංගල කලා කටයුත්ත සිනමාවෙන්ම ආරම්භ කරමින් ඉන්පසු රූපවාහිනී මාධ්‍යයත් වේදිකාවත් ජයගත්ත කලාකරුවකු පිළිබඳ අපට අසන්නට ලැබෙනුයේ ඉඳහිටය. අද අපේ කතා බහේ කථා නායකයාද එවැන්නෙකි. ඔහු කලාවේ මුල් අත්පොත තබනුයේ සිනමාවෙනි. එහෙත් අද ඔහු රූපවාහිනී මාධ්‍ය පුරාත් වේදිකාවෙන් සීරුවෙන් ගමනක නිරත වෙන රංගන ශිල්පියෙකි. එසේම ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරයෙකි. ඔහු නිරෝෂන් ඉලේපෙරුම ය.

 

නිරෝෂන් මේ දිනවල අපට ටෙලිනාට්‍ය කිහිපයකින්ම හමුවන්නේ ය. සිරස රූපවාහිනියේ රාත්‍රී අටයි තිහට විකාශය වන තුෂාරි අබේසේකරගේ ‘චන්දෝලි’ ටෙලි නාට්‍යයේ ඔහු ජයසේන මුදලාලිය. එසේම හිරු ටීවී නාලිකාවේ මේ දිනවල විකාශය වන ‘දිවි තුරා’ ටෙලිනාට්‍යයේ ඔහු වසන්තය. එසේම සතිඅන්තයේ දෙරණ නාලිකාවෙන් විකාශය වන රොෂාන් කුරුප්පු ගේ ‘අපේ ජනකතා’ නාට්‍යයෙන්ද ඔහු ප්‍රේක්ෂකයා හමුවට පැමිණෙන්නේ ය. රූපවාහිනී මාධ්‍ය තුළ දිනපතා විවිධ භූමිකා ඔස්සේ හමුවන ඔහු නළුවෙකු වශයෙන් මෙරට කලා ක්ෂේත්‍රයේ වසර විසිපහකට ආසන්න කාලවකවානුවක අත්දැකීම් සැපිරූ වෙකි.

‘සිරස’ රූපවාහිනියේ විකාශය වන තුෂාරි අබේසේකරගේ ‘චන්දෝලී’ ටෙලි නාට්‍යයේ ජයසේන මුදලාලිගේ චරිතයට මට මේ දිනවල හරියට ප්‍රතිචාර ලැබෙමින් තිබෙනවා.ඇත්තටම තුෂාරි අබේසේකර කියන්නේ ඉතාම දක්ෂ නිර්මාණකාරියක්. කලාත්මක ගණයේ නිර්මාණයක් වන චන්දෝලි විකාශය වෙන්නේ තවමත් රූපගත කිරීම් සිදුවන අතරතුර මයි. මේ දිනවල නිකවැරටිය ප්‍රදේශයේ රූගත කිරීම් සිදු කෙරෙමින් පවතිනවා. හිරු ටීවී එකේ විකාශය වන දිවිතුරා ටෙලිනාට්‍යයටත් ලොකු කැමැත්තක් ප්‍රේක්ෂකයෝ අතරේ තිබෙනවා. මම මේ ටෙලි නාට්‍යයේ කරන්නේ වසන්තගේ චරිතය. හෙක්ටර් ඩයස්ගේ ව්‍යාපාරික පාසැල් මිතුරා විදියට තමයි රඟපාන්නේ. ඒක සුදු චරිතයක්. සති අන්තයේ දෙරණ නාලිකාවෙන් විකාශය වන රොෂාන් කුරුප්පු ගේ ‘අපේ ජනකතා’ ටෙලිනාට්‍යයටත් මම සම්බන්ධ වෙලා ඉන්නවා. ඒක අපේ පැරණි ජන කතා ආශ්‍රය කරගෙන නිර්මාණය වන ටෙලි නාට්‍යයක්. ඊළඟට අපි වේදිකා නාට්‍යයකුත් මේ දිනවල කරගෙන යනවා. කිත්සිරිමෙවන් ජයසේන Beauty and the Beast  කෘතිය ආශ්‍රය කරගෙන ඔහු විසින්ම රචනා කරපු වේදිකා නාට්‍යයක් කළා.‘ලස්සන මෘගයා’ කියලා. ඒක පොඩි සංගීතමය නාට්‍යයක්. මේ නාට්‍යයේ මම නිෂ්පාදන විධායක හැටියට කටයුතු කරනවා. අපි මේක ඉදිරිපත් කරන්නේ ටැලන්ට් ඒෂියා දෘශ්‍ය හා රංග කලා ඇකඩමියෙන්.පසුගිය දිනවල එල්ෆින්ස්ටන් රඟහලේ පැවැත්වූවා. ඉදිරියේදී මාතලේ ප්‍රදේශයේ පෙන්වන්න කටයුතු සැලසුම් කරමින් සිටිනවා .

ටැලන්ට් ඒෂියා දෘශ්‍ය හා රංග කලා ඇකඩමිය යනු නාට්‍ය නිෂ්පාදනය කරන ආයතනයක් පමණක් නොව ලංකාවේ කලාවට කැමති රංගන සහ වෙනත් දෘශ්‍ය කලා හැදෑරීමට කැමැති කෙනෙකුට වැඩිදුර හැදෑරීම් කිරීම සඳහා මේ ආයතනය හරහා සම්බන්ධ විය හැකියි. එසේම විවිධ ගීත නිර්මාණ සඳහා මියුසික් වීඩියෝ නිර්මාණය කිරීම, විවිධ විෂයයන් සඳහා වැඩමුළු පැවැත්වීම වැනි තවත් කලාවට සම්බන්ධ බොහෝ කටයුතු මෙමඟින් සිදුකරනු ලබයි .නිරෝෂන් මෙම ආයතනයේ නිර්මාණ අධ්‍යක්ෂවරයා හැටියට ද කටයුතු කරයි.

“ඇත්තටම මම දැන් රංගන ශිල්පියකු හැටියට මේ ක්ෂේත්‍රයට පිවිසිලා අවුරුදු විසිපහකට වැඩි යි. පසුගිය අවුරුදු 10 ට එහා සිට 2011 දී පමණ සිට මම අධ්‍යක්ෂවරයකු හැටියට කටයුතු කරනවා. මගේ පළවැනි ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය වුණේ ‘සිහින අරන් එන්න’. කොටස් 50කින් යුත් මේ ටෙලි නාට්‍යය ජාතික රූපවාහිනියේ විකාශය වුණා. සතියේ දිනවල රාත්‍රී අටයි තිහට තමයි විකාශය වුණේ. මේ ටෙලිනාට්‍යයේ ගීත ගායනය කළ නදීක ගුරුගේ එම වසරේ හොඳම ටෙලිනාට්‍ය ගීත ගායනය වෙනුවෙන් රයිගම් ටෙලි නාට්‍ය සම්මානය දිනාගත්තා. ඒ වගේම ඒ ටෙලි නාට්‍යයේ රඟපෑ සුදර්ශන බණ්ඩාර වසරේ හොඳම නැගීඑන නළුවා විදියට සුමති සම්මානය හිමිකර ගත්තා. මගේ පළවැනි අධ්‍යක්ෂණයෙන් එවැනි සම්මාන හිමිවීම මගේ ඉදිරි ගමනට ලොකු ශක්තියක් වුණා.

සැබවින්ම සම්මානයක් යනු කලාකරුවකුගේ ඉදිරි දිවියට ලැබෙන අති විශාල ධෛර්යයකි. දිරිදීම කි. නිරෝෂන් ට ද තම ප්‍රථම නිර්මාණයම එසේ සම්මානිත වීම සුවිශේෂී කාරණාවක් වන්නට ඇත. කල් යල් බලා පරිස්සමින් කළ තවත් එවැනිම නිර්මාණයක් එළි දක්වන්නට ඔහු මඟ බලමින් සිටින අතර පසුගිය කාලය පුරා රටේ ඇතිව තිබූ විවිධ දුෂ්කරතා ඔහුට ඒ වෙනුවෙන් තිබූ බාධා විය හැකිය.

කොවිඩ් තත්ත්වය රට තුළ ව්‍යාප්ත වෙන්න කලින් තමයි මේ නාට්‍යය අපි කරන්න පටන් ගත්තේ. මේ සඳහා මම තෝරා ගත්තේ ලංකාවේ ප්‍රකට ලේඛිකාවක් වන ශාන්ති දිසානායකගේ නවකතාවක්. ධරණි තමයි ඒ නවකතාවේ නම. ඒ වෙනකොට ධරණී නමින් ටෙලි වෘත්තාන්තයක් නිර්මාණය වී තිබුණ නිසා මේ ටෙලි නාට්‍යය අපි ‘දුර්ගා’ කියලා නම් කළා. කොටස් 40 කින් යුතුව අපි මේ ටෙලි නාට්‍යය රූගත කිරීම් සිදුකළා. උතුරු මැද පළාතේ ගොවියන් තරුණ වයසේදීම මිය යනවා. විශේෂයෙන් වකුගඩු රෝගී තත්ත්වය තමයි ඒකට හේතු වෙන්නේ. ශාන්ති දිසානායක මේ පොතට වස්තුබීජ කරගෙන තිබුණේ මේ ප්‍රශ්නය. තරුණ වයසේදීම ස්වාමියා එසේ මිය ගියාට පසු ජීවිතයට මුහුණ දෙන තරුණ බිරිය ගේ ඛේදවාචකය තමයි ඇය සත්‍ය සිදුවීමක් ඇසුරින් ධරණී නවකතාව තුළ ලියලා තිබුණේ. මේ පොත අරගෙන ප්‍රවීණ තිරකතා රචක සරත් ධර්මසිරි සහ අරුණ ප්‍රේමරත්න රචනා කරපු තිර පිටපතට තමයි මම දුර්ගා ටෙලි නාට්‍යය අධ්‍යක්ෂණය කළේ. මේ නාට්‍යයේ ප්‍රධාන චරිතය රඟපාන්නේ උමයංගනා වික්‍රමසිංහ, බුද්ධික ජයරත්න, දයාදේව එදිරිසිංහ, ධර්මප්‍රිය ඩයස්, මාලි ජයවීරගේ, ලංකා බණ්ඩාරනායක, කුමාරි මුණසිංහ සරණපාල ජයසූරිය, තිස්ස බණ්ඩාරනායක, නිල්මිණි බුවනෙක, සුදර්ශන බණ්ඩාර ඇතුළු නළු නිළියන් හැට ගණනක් මේ ටෙලි නාට්‍යයේ රඟපානවා. අති දැවැන්ත වැඩක් විදියට තමයි මම මේ ටෙලි නාට්‍යය කළේ. දැන් ජාතික රූපවාහිනිය සහ ස්වාධීන රූපවාහිනියේ රූපවාහිනියේ තේරීම් මණ්ඩලවලින් පළමු පන්තියේ සහතිකයක් අරගෙන විකාශයට සූදානම්ව තිබෙනවා. ඇත්තටම මේ ටෙලිනාට්‍ය අඩුපාඩුවක් නැතුව ලොකු මුදලක් වියදම් කරලා කරපු එකක්. නමුත් මේ නිර්මාණයට වැය වුණ මුදල වත් දෙන්න රූපවාහිනි ආයතන සූදානම් නෑ. තවමත් මේ තත්ත්වයන් සාකච්ඡා කරමින් සිටිනවා. මේ ටෙලි නාට්‍යයේ නිෂ්පාදකවරයා වසන්ත විජේන්ද්‍ර කෝටි දෙකකට වැඩි මුදලක් මේ වෙනුවෙන් වැය කළා. මේක ඔහුගේ පළමු නිෂ්පාදනය. මෙ වැනි විශාල මුදලක් ටෙලිනාට්‍යයක් වෙනුවෙන් වියදම් කරන්න පුළුවන් නිෂ්පාදකවරුන් ලංකාවේ ඉන්නව කියන්නෙ ඒකත් ලොකු දෙයක්. ඔහු කියන්නේ ඔහුට ලාභයක් නැතත් වියදම් වුණ මුදල ලැබෙනවා නම් ඇති කියලයි. ඔහුට අවශ්‍ය වෙන්නේ ඒ ලැබෙන මුදල නැවත කලාවටම යොදවන්න. මේ ටෙලි නාට්‍ය වෙනුවෙන් මමත් ලොකු බලාපොරොත්තු තියාගෙන ඉන්නවා. මේ වසරේ වත් මේක ජනතාවට පෙන්න ගන්න පුළුවන් වෙයි කියලා බලාපොරොත්තු වෙනවා.

ලංකාවේ පවතින වාතාවරණයත් සමඟ අද ටෙලි නාට්‍ය, චිත්‍රපට නිෂ්පාදන කරනවා යනු සෙල්ලම් වැඩක් නොවේ එය අතුරේ යනවාටත් වඩා අනතුරුදායකය. අති විශාල මුදලක් යට කොට ඉන් ලාභයක් තියා වැය වූ මුදල වත් නොමැති වන අවස්ථා ඕනෑ තරම්ය. පවතින ආර්ථික අර්බුදය හමුවේ නම් එදා වියදම් කළ මුදල මෙන් තුන් ගුණයක් අද වියදම් කළ යුතුය. මෙවැනි තත්ත්වයක් මත ටෙලි නාට්‍ය හා චිත්‍රපට කලාවට උදා වන්නේ, මෙන්ම උදාවී තිබෙනුයේ ද නරක දශාවකි. එහෙත් ඒ නරක දශාව හමුවේ වුවද මේ දෙස සුබවාදීව බලමින් මේ රට ප්‍රේක්ෂකයින් ඥානනය කරවීමේ හැබෑ උනන්දුවකින් යුතුව හොඳ නිර්මාණ ඉදිරිපත් කිරීමට බලා සිටින නිරෝෂන් වැන්නෝ ද මේ අතර නැතුවා නොවේ.

“මේ ටෙලි නාට්‍යය අද කරන්න හිටිය නම් අර වගේ තුන් ගුණයක් වියදමක් යනවා. ටෙලිනාට්‍ය කර්මාන්තයට උදා වෙලා තිබෙන මේ වත්මන් අර්බුදකාරී තත්ත්වය පිළිබඳ අපි නිතර සාකච්ඡා කරනවා. ටෙලි නිර්මාණවේදීන්ගේ සංසදයේ වර්තමාන මාධ්‍ය ලේකම් මම. අපි ඊයෙ පෙරේදත් එකතුවෙලා වර්තමාන අර්බුදය අපි ජයගන්න කොහොමද කියලා සාකච්ඡා කළා.කර්මාන්තයක් විදිහට ඒක පවත්වාගෙන යන එක ලොකු අර්බුදයක්. බත් පැකට් එකේ මිල පවා අද එදා තිබුණට වඩා තුන් ගුණයකින් ඉහළ ගිහින්. නමුත් ටෙලි නාට්‍යයක් වෙනුවෙන් රූපවාහිනි ආයතන තවමත් අපට ගෙවන්නේ පරණ තිබුණ මිල ගණන්.නමුත් අපි නිර්මාණකරුවෝ හැටියට මේ තත්ත්වය රැකගෙන ස්ථාවර කර ගන්න උත්සාහ ගන්න ඕන. ඒ සඳහා අපි ඉදිරි වැඩ පිළිවෙළක් සකස් කරමින් ඉන්නවා. ඕනම රටක රට සමෘද්ධිමත් නම් තමයි කලාව සමෘද්ධිමත් වෙන්නේ. රටේ ආර්ථික පරිහානිය කලා ක්ෂේත්‍රයට දැඩි ලෙසම බලපෑවා. ඉතිං මම විශ්වාස කරනවා හෙට එච්චර කළුවර නෑ කියලා.

ඒ ප්‍රාර්ථනාව ඉෂ්ඨ සිද්ධවීම කලාවට කැමති කලාවට හිතැති සියලු දෙනාගේ ම ප්‍රාර්ථනය විය යුතුයි. එසේම මෙවන් සුබවාදී චින්තනයකින් අනාගතය දෙස බලන නිර්මාණකරුවෝ සිටීම ද එක් අතකින් භාග්‍යයකි. නිරෝෂන් මේ ක්ෂේත්‍රයට පිවිසෙන්නේ සැබැවින්ම කලාව කෙරෙහි උපන් අප්‍රමාණ භක්තියකින් ම මිස ආර්ථික ප්‍රතිලාභ පමණක් බලාපොරොත්තුවෙන් නොවේ. එසේම ඔහු කලාව පැමිණෙනුයේ ද ශරීරය පමණක් රැගෙන නොවේ. ඊට සමගාමී ව උසස් මනසකින් ද යුතුවය. රංගනය පිළිබඳ, කලාව පිළිබඳ වෙනස් මානයකින් සිතිය හැකි සුන්දර හදවතකින් ද යුක්තවය. එබැවින් ඒ ගමන් මග අතර මග නතර වන්නට හෝ පසුබසින්නට කාරණා සිද්ධ නොවන්නේ ය.

“ඇත්තටම කිව්වොත් අදටත් අපි හොඳ ටෙලි නාට්‍යයක් හැදුවොත් මිනිස්සු නොබලා ඉන්නේ නෑ. හොඳම උදාහරණය තමයි මේ දිනවල විකාශය වන ‘එයා දැන් බැඳලා’ ටෙලි නාට්‍යය. මම දන්න විදිහට බොහොමයක් දෙනාගේ හොඳ ප්‍රතිචාර ලබමින් විකාශය වෙනවා .ඒ කියන්නේ හොඳ වැඩකට තවමත් ඉඩ තියෙනවා කියන එකයි.

නිරෝෂන් ක්ෂේත්‍රයට පැමිණියේ කලාව පිළිබඳ අධ්‍යයනයකින්, පුහුණුවකින්, පර්යේෂණයකින් පසුව ය. ඊට ඔහුට බෙහෙවින්ම ඉවහල් වනුයේ මහේන්ද්‍ර පෙරේරා රංගන පාසල ය. මහේන්ද්‍ර පෙරේරා යනු චජබඪදඨ පාසලක් වන නිසාම ඔහු සෙවණින් බිහි වන්නන් ගැන තවත් යමක් කතා කළ යුතු නැත.

මම මහේන්ද්‍ර පෙරේරා රංගන පාසලේ මුල්ම ගෝලයෙක්. අපි මේ ක්ෂේත්‍රයට පිවිසුණේ පුහුණුවකින්, හැදෑරීමකින් පස්සේ. ඒ නිසා අපිට යම් බරක් තිබෙනවා. වර්තමානයේ මේ ක්ෂේත්‍රයට එන බොහොමයක් දෙනාට එහෙම බරක් නෑ. නිකං සෝඩා බෝතලයක මූඩිය ඇරියා වගේ. හැදෑරීමක් නෑ. පුහුණුවක් නෑ. පොතපත කියවීමක් නෑ .නමුත් ඇඟ හදා ගන්නවා. ඔළුව හැදෙන්නේ නැතුව ඇඟ හදා ගත්තට වැඩක් නෑ. පැවැත්මක් නෑ. මම දන්න හැටියට රංගන ශිල්පියෙක් හෝ ශිල්පිනියක්. කියන්නෙ මැටි පිඩක්. ඕන ඕන ආකාරයකට නෙලලා, අඹල, කැටයම් දාලා ගන්න හැකියි. මගේ ජීවිතේ මට එවැනි අවස්ථාවන්ට ළඟාවෙන්න හැකි හොඳ ඇසුරක්, අවස්ථාවක් මුල සිටම හමුවුණා. මම නාලන්දා විද්‍යාලයේ ඉගෙන ගත්තෙ. ඒ කාලෙදිත් මම නාට්‍යවලට සම්බන්ධ වුණා. ඊට පස්සේ ඉස්කෝලේ ඉවර වෙලා ඉන්නකොට අපි විභවි ආයතනයත් සමඟ සමීප ගනුදෙනුවක් කළා. ඒ කාලේ තමයි බූඩි කීර්තිසේන ඇමරිකාවේ ඉඳලා ඇවිත් සිනමා පාඨමාලාවක් ආරම්භ කරන්නේ. ඔහු ඉගෙන ඉගෙනගත් නව තාක්ෂණයත් සමඟ මාත් මේකට සම්බන්ධ වෙනවා. මම විමුක්ති ජයසුන්දර, ප්‍රියන්ත කළුආරච්චි, උදය වැන්නන් මේකෙ ඉන්නවා. ඒ අතරේ තමයි බූඩි මිල්ලෙ සොයා චිත්‍රපටය කරන්නේ. ඒ නිසා තමයි මම මුලින්ම චිත්‍රපටයකට සම්බන්ධ වෙන්නේ. අපිව ඪදබඥපමඪඥඹ කරලා ඇමති කෙනෙකුගේ පොඩි පුතාගේ චරිතයට ඔහු මාව තෝර ගත්තා. ඊට පස්සේ තමයි මම ටෙලිනාට්‍යවලට වේදිකා නාට්‍යවලට සම්බන්ධ වෙන්නේ. කොහොම හරි අවුරුදු 25ක් විතර ගත කරපු කලා ජීවිතයේ දී දෙදහස් එකොළහේ දී මම අධ්‍යක්ෂණය පැත්තට යොමු වෙනවා. ඒ උණාට මම ආසම දේ රංගනය. අවස්ථාව ලැබෙන හැටියට මම ඒක කරනවා. පසුගිය කාලේ සුනිල් කොස්තාගේ ‘පනම් බඳින ගස්’ ටෙලි නාට්‍යය කළා. ආනන්ද අබේනායකගේ පිතෘ ටෙලි නාට්‍යය කළා. කොහොමටත් රංගනයට සමු දෙන්න මගේ අදහසක් නෑ. නමුත් මේ වසරේ මගේ පළවැනි චිත්‍රපට අධ්‍යක්ෂණයට යොමු වෙන්න බලාපොරොත්තු වෙනවා. මේකේ ඵජපඪනබ එක අරුණ ජයවර්ධන සමඟ එකතුවෙලා ගොඩනගමින් ඉන්නව. මාර්තු මාසෙ විතර පෙර නිෂ්පාදන කටයුතු පටන් ගන්න හිතාගෙන ඉන්නවා.

කලා නිර්මාණ සහ කලා කටයුතුත් සමඟ නිරෝෂන් ගෙවන්නේ කාර්යබහුල ජීවිතයකි. එහෙත් මේ ගමන තුළ ඔහුට සැනසුම සතුට පිරි ආදරණීය කැදැල්ලක හිමිකාරීත්වය ළඟාකර දෙනුයේ ඔහුගේ සදාදරණිය බිරිය විශාරද සශිකා විජේසේකරය. එසේම ඇය සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ සංගීත උපාධිධාරිනියකි. ඉන්දියාවේ භාත්ඛණ්ඩ විශ්වවිද්‍යාලයෙන් විශාරද උපාධිය දිනා ගත්තෙකි. වත්මනේ ඇය කොළොන්නාව ඕල්කට් මහා විද්‍යාලයේ සංගීත ආචාර්යවරිය ලෙස කටයුතු කරන්නීය. ඔවුන් දෙදෙනාගේ වැඩිමහල් පුත් සසෙන් සත්සුරු ඉලේපෙරුම, බාල පුතු කනිල කෞමද ඉලේපෙරුම යන දෙදෙනා ද කලාවට බෙහෙවින් කැමැත්තක් දක්වන්නෝ ය.

 

[email protected]