වර්ෂ 2023 ක්වූ December 03 වැනිදා Sunday
රයිගම් ටෙලීස් නිර්දේශිත නාම එළිදකී

වාර්ෂිකව පවත්වනු ලබන රයිගම් ටෙලි සම්මාන උලෙළේ නිර්දේශිත නාම උත්කර්ෂවත් උලෙළ පසුගියදා සන්ධ්‍යාවේ බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටලයේ දී පැවැත්විණි. ප්‍රවීණ රංගන ශිල්පී සනත් ගුණතිලක ප්‍රධාන ආරාධිතයා ලෙස එයට සහභාගි වු අතර ඒ සඳහා කලාකරුවන්, විශේෂ ආරාධිතයන්ද සහභාගී විය. මෙවර නිදහසේ 19 නමින් නම් කර ඇති සම්මාන උලෙළ පවත්වනු ලබන්නේ 19වැනි වරටයි. 2022 සම්මාන උලෙළ සඳහා ඉදිරිපත් කළ සියලු නිර්මාණ ස්වාධීන විනිශ්චය මණ්ඩලයක් විසින් ඇගැයීමට ලක් කිරීමෙන් අනතුරුව මෙවර සම්මාන උලෙළට නිර්දේශිත නාමාවලිය සඳහා මාධ්‍ය විශිෂ්ටතා සම්මාන සදහා නිර්දේශිත නම් 63ද විය. ටෙලිනාට්‍ය විශිෂ්ටතා සම්මාන නිර්දේශිත නම් 63කි. මුළු නිර්දේශිත නාමාවලිය126ක් විය.ඒ අතරින් අවසන් සම්මාන රාත්‍රිය සඳහා සම්මාන 57ක් සහ සහතික පත් 3ක් පිරිනැමීමට තීරණය කර ඇත. මෙවර ප්‍රතිභා ප්‍රභා ගෞරව සම්මානය පිරිනමනු ලබන්නේ ප්‍රවීණ සම්මානනීය නිළි වීණා ජයකොඩිට වන අතර විශේෂ ප්‍රණාම සම්මාන පිරිනමනු ලබන්නේ ප්‍රවීණ නිවේදක, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සමන් අතාවුදහෙට්ටිට සහ ප්‍රවීණ රංගන ශිල්පිනී නෙතලි නානායක්කාරටයි. රයිගම් ටෙලීස් මේ තත්ත්වය වෙනස් කරමින් සියලු නිර්දේශ ලාභීන් විශේෂිත උලෙළකට කැඳවා ඔවුන්ගේ හැකියාවන් ඇගැයීමට නිර්දේශිත නාම උත්කර්ෂවත් උලෙළ හඳුන්වා දී තිබුණි. මෙහිදී සෑම නිර්දේශිතයකු සඳහාම එක් වර්ෂයක් සඳහා බලපාන රුපියල් මිලියනයක ජීවිත රක්ෂණයක් සහ රුපියල් ලක්ෂයක් වටිනා වෛද්‍ය රක්ෂණයක් තිළිණ කෙරිණි. මීට අමතරව ඔවුන්ගේ හැකියාව අගය කරමින් වටිනා සහතිකයක් ද නිකුත් කරන්නට විය. අවසාන සම්මාන රාත්‍රිය ගැයුම්, වැයුම් මැද මාර්තු 25 වැනි දා ෂැංග්‍රිලා හෝටලයේ දී උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට නියමිතය.
මාධ්‍ය විශිෂ්ටතා සම්මාන 2022 - නිර්දේශිත නාම
වසරේ විශිෂ්ටතම ළමා වැඩසටහන
Atlas දිනන දරුවෝ - එම්. එල් ප්‍රදීප් මහේෂ් (සිරස ටීවී)
පොඩි වැඩ්ඩෝ - චතුර එල්. ජයසුන්දර/ඉරුෂ ද සිල්වා (හිරු ටීවී)
පුංචි අපේ ශ්‍රද්ධා - මනෝජ් ප්‍රසන්න (ශ්‍රද්ධා ටීවී)
වසරේ විශිෂ්ටතම ක්‍රීඩා වැඩසටහන
දිනන ළමයි - සාරංග පතිරණ /ළහිරු දුෂ්මන්ත (හිරු ටීවී)
Yorker - ධනුෂ්ක ප්‍රියදර්ශන (ස්වර්ණවාහිනී)
ITN Sports World - උදිත ධනංජය තේනුවර (ස්වාධීන රූපවාහිනී)
වසරේ විශිෂ්ටතම අධ්‍යාපන වැඩසටහන
නැණ මිහිර - දේවිකා තරංගනී කුමාරසිංහ (ජාතික රූපවාහිනී)
Fun Street - වී. හේෂාන් වසන්ත ඥානප්‍රිය (ස්වාධීන රූපවාහිනී)
Vision - කේ. ඩී. ඩබ්. එම් චූලාංගනී හපුහින්න(ජාතික රූපවාහිනී)
Forward Focus - පැතුම් සසංක (ජාතික රූපවාහිනී)
වසරේ විශිෂ්ටතම ප්‍රශ්න විචාරාත්මක වැඩසටහන
Back to School - අමල් දර්ශන (හිරු ටීවී)
ITN Smart Mind - ලක්‍ෂ්මන් මත්තුමගල/ඩෙනීෂා හර්ෂනී විතාරණ (ස්වාධීන රූපවාහිනී)
5 Million Money Drop - කාංචනී පල්ලේපිටිය/ තාරක හෙට්ටිආරච්චි (සිරස ටීවී)
වසරේ විශිෂ්ටතම වාර්තා වැඩසටහන
මල් කැකුඵ ඉකිබිඳීද්දී - නාමල් ප්‍රසන්න (ජාතික රූපවාහිනී)
වස්ගමු විස්මය - රංධික හෙට්ටිආරච්චි (සිරස ටීවී)
Ms. Traveler - ජේ. එම්. තමාෂා තත්සරණි ජයසූරිය (ජාතික රූපවාහිනී)
වසරේ විශිෂ්ටතම පුවත් විශේෂාංගය
අද දෙරණ උකුස්සා - වකුගඩු ජාවාරම - දිනේන්ද්‍ර රන්සිරි (ටීවී දෙරණ)
හිරු CIA - ගල්කිස්ස බියවැද්දූ මැර කල්ලිය - තුෂාර පීරිස් (හිරු ටීවී)
මවට පිහිට වූ පොලීසියට උපහාර පසුවිපරම - සිසිකැලුම් දහම්ප්‍රිය බාලගේ (ස්වර්ණවාහිනී)
උහන තිස්සපුර විද්‍යාලීය වොලිබෝල් කණ්ඩායම - සුරේශි ගුණසේකර/බුද්ධිකගම්ලත්(ජාතික රූපවාහිනී)
වසරේ විශිෂ්ටතම සංගීත වැඩසටහන
ස්පර්ශ - චින්තක ගම්ලත් (ටීවී දෙරණ)
සජ්ඣායනා - විරාජ් ජයමාන්න/ ධනේෂ් උපුල් (සිරස ටීවී)
මා නොවන මම - චින්තක ගම්ලත් (ටීවී දෙරණ)
වසරේ විශිෂ්ටතම හඬකැවීම
යුකී - පුෂ්පිත පීරිස් (ජාතික රූපවාහිනී)
අපේ චූටි දූ - අනුරාධ සිගේරා / චතුර ආශිංසන හෙට්ටිආරච්චි (ටීවී දෙරණ)
Hotel Transylvania 2 - හඳුවලගේ හේෂාන් රුවන් කුමාර (හිරු ටීවී)
වසරේ විශිෂ්ටතම සඟරාමය වැඩසටහන
Fashion - ධම්මිකා විතානගේ ඩේවිඩ් (ජාතික රූපවාහිනී)
ගැජට් මේනියා - ජනිත හේවාබටගේ (ස්වාධීන රූපවාහිනී)
මේක පුදුම ලෝකයක් - ප්‍රවෘත්ති හා කාලීන සිදුවීම් අංශය (හිරු ටීවී)
වසරේ විශිෂ්ටතම කථිකා වැඩසටහන
අලුත් පාර්ලිමේන්තුව - ප්‍රසාද් කුමසාරු/පද්මකුමාර කරුණාරත්න (ටීවී දෙරණ)
කාන්තා සටන - මහිම ද සිල්වා/ ධම්මික ෆොන්සේකා (TV 1)
සලකුණ - ලකේෂ් ගුණසේකර/ කූජන බණ්ඩාර (හිරු ටීවී)
වසරේ විශිෂ්ටතම රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදක (සිංහල)
ශ්‍රීහාන් කනිෂ්ක ආරියසිංහ -(ස්වාධීන රූපවාහිනී)
ඉමේෂ් උදයංග සදර්ලන්ඩ් - (සිරස ටීවී)
මධුෂාන් ද සිල්වා - (හිරු ටීවී)
උදය ශාන්ත කුමාර ඉඩමගෙදෙර -(සියත ටීවී)
වසරේ විශිෂ්ටතම රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදිකා (සිංහල)
මධුනිකා කරපුටුගල - (ස්වාධීන රූපවාහිනී)
ශ්‍රීමනී යාපා - (ටීවී දෙරණ)
ජනනි කොළමුන්න - (හිරු ටීවී)
එන්. ලක්ෂිකා නවෝධනී ප්‍රනාන්දු -(සියත ටීවී)
වසරේ විශිෂ්ටතම රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදක/නිවේදිකා (දමිළ)
විජෙයි අභිනන්දන් විශ්වනාදන් (නේත්‍රා ටීවී)
එම්. එම්. මොහොමඩ් හස්ලි ( වසන්තම් ටීවී)
එස්. ජෙෆ්‍රි ජෙබදර්ෂන් (ශක්ති ටීවී)
වසරේ විශිෂ්ටතම රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදක/නිවේදිකා (ඉංග්‍රීසි)
නවේක්ෂා ගුණසේකර - TV 1
සඳරු ෆර්ඩිනැන්ඩු - TV 1
රුහාසා ඉර්ෆාන් - TV 1
වසරේ විශිෂ්ටතම රූපවාහිනී සම්ප්‍රවේශක (සිංහල)
එස්. ඒ. ඩී. ජී. ඉන්ද්‍රසිරි සුරවීර (ස්වාධීන රූපවාහිනී)
නිරන්ජනී ෂන්මුගරාජා (ජාතික රූපවාහිනී)
කැලුම් ශ්‍රීමාල් (ටීවී දෙරණ)
වසරේ විශිෂ්ටතම රූපවාහිනී සම්ප්‍රවේශක (දමිළ)
එස්. ක්‍රිස්ටිනා (වසන්තම් ටීවී)
ඥානකුමාරන් ගණදීපන් (ශක්තී ටීවී)
නිරන්ජනී ෂන්මුගරාජා (නේත්‍රා ටීවී)
ප්‍රණීතා කෝනේෂ්වරන් (නේත්‍රා ටීවී)
වසරේ විශිෂ්ටතම රූපවාහිනී සම්ප්‍රවේශක (ඉංග්‍රීසි)
ජයමල් රත්නායක ( TV 1)
සොනාලි වනිගබදුගේ (TV 1)
එෆ්. ෂරීෆා තාහීර් (Channel Eye)
වසරේ නිර්මාණාත්මකම රියැලිටි වැඩසටහන
දෙරණ 60 Plus (Season IV) – විමුක්ති රුද්‍රිගෝ/ චමින්ද තෙන්නකෝන් (ටීවී දෙරණ)
දෙරණ Startup – කේ. සී. සාරංග (ටීවී දෙරණ)
The Voice Sri Lanka – සමිත් රංගික බස්නායක/ වරුණ කරුණාරත්න :සිරස ටීවී)
වසරේ විශිෂ්ටතම ප්‍රවෘත්ති විකාශය ස්වාධීන රූපවාහිනී පුවත්
අද දෙරණ News
සිරස News 1st
හිරු News