වැඩේ හොඳට කළොත් සම්මාන ලැබෙයි

දෙරණ වැඩසටහන් නිෂ්පාදක විමුක්ති රොද්‍රිෙගා්
මාර්තු 30, 2023

 

නිර්මාණවේදියකු අද ගැන හිතනවට වැඩිය හෙට ගැන සිතිමයි ඔහුගේ අරමුණු වී ඇත්තේ.සිත තුළ අඳිනු ලබන හා මවා ගනු ලබන රූප ස්වභාවයන් හා ශබ්ද, හඬ පරාසයන් හා විහිදී යනු ලබන ආලෝක රටාවන් තුළ මවනු ලබන චිත්ත ආකර්ෂණ රූපයන් කැටිකර එක රාමුවක් තුළ විකාශය කර අවසන් වන තෙක් ඔහුට නිදහසක් නැත. ඒ නිදහස ලද ඇසිල්ලක දී සරසවිය පුවත්පතට ගොඩ වු‍ෙණ් නව නිර්මාණකරණයේ හා ඔහුගේ ජීවිතය ගැන තොරතුරු ටිකක් පැවසීමටයි.හේ දෙරණ නාලිකාවේ විධායක නිෂ්පාදකවරයකු වන විමුක්ති රොද්‍රිගෝයි.

 

වර්තමානයට ඉස්සල්ලා අතීතයේ ගැන මොනාද කියන්න තියෙන්නේ?

අතීතයේ සිදුවීම් තුළ මම ජීවත් ජීවත්වුණේ හරිම සැහැල්ලුවෙන්. එදා වගේම අදත් මම ජීවත් වෙන්නේ ඒ සරල බව මුල්කරගෙන හෝමාගම ප්‍රදේශයේමයි. මූලික අධ්‍යාපනය හදාරන්නේ හෝමාගම කනිෂ්ඨ විද්‍යාලයෙන්. පසුව මම ලුම්බිණි මහා විද්‍යාලයට ඇතුළත් වෙනවා. පාසල් අධ්‍යාපනයෙන් පසු මම ජනසන්නිවේදනය පිළිබඳව පාඨමාලාවක් හදාරන්නට ටෙලිවිව් ආයතනයට බැඳෙනවා. මේ පාඨමාලාව අවසන් කරල මම 2007 වර්ෂයේ දෙරණ නාලිකාවට එකතු වෙනවා සහය නිෂ්පාදකවරයකු ලෙස. එදා සහය නිෂ්පාදකවරයකු ලෙස දෙරණට බැඳුණු මම අද විධායක නිෂ්පාදක තනතුර දක්වා ඇවිත් ඉන්නවා.අතීතය හැරිලා බලනකොට ආපු ගමන ගැන හරිම සතුටක් දැනෙනවා. මේ ගමනට මට උදව් කළා ගොඩක් දෙරණ නාලිකාවේ ශර්මිලා ධර්මරාෂා මහත්මිය.අතීතයේ සිදුවීම් සියල්ලම කැටි කරගෙන ඒවාට පූර්වදර්ශ ගනිමින් අද වර්තමානයේ වැඩ කරන විදිහ ගැන හරිම සතුටුයි. මගේ ජීවිතේ තිබුණ එක සිහිනයක් තමයි මාධ්‍ය ලෝකෙ දොරටුවක් ඇරගන්නවා කියන එක. දෙපා රිදෙනකන් ඒ මං මාවත් වල ඇවිදින්නට අද මට පුළුවන් වුණා.

සිහිනයේ දොරටුව ඇරුණ තැන පටන් ගන්නේ කොතනින්ද?

ෂර්මිලා ධර්මරාෂා මහත්මියගේ විධායක වැඩසටහන් නිර්මාණ අධ්‍යක්ෂිකා යටතේ නිෂ්පාදනය කළ තිබුණු Tea party වැඩසටහනේ සහාය නිෂ්පාදකවරයා ලෙස තමයි මම මුලින්ම සම්බන්ධ වෙන්නේ. ජීවිතේ මම කවදාවත් හිතපු නැති තැනකට එදා මට එන්න ලැබුණා. සහාය නිෂ්පාදකවරයකු ලෙස ඉගෙන ගන්න තිබුණ දේවල් එදා ලොකු බරක් වගේ දැනුණා. ඒත් මේ හැම ක්ෂේත්‍රයකටම මූලික සංඝටක ටික අනිවාර්යයෙන්ම ඉගෙන ගත යුතුයි. අපි ක්ෂේත්‍රය තුළ ප්‍රායෝගික හා න්‍යායාත්මක අවබෝධයක් ගන්න තරමටම අපි දැනුමෙන් සන්නද්ධ වෙනවා. ආපු ගමනේ මම සෙව්වේ හැමදාම දැනුමයි.

 

දෙවැනි නිෂ්පාදනය හරි සාර්ථක වුණා නේද ?

ඇත්තටම ටී පාටි වැඩසටහන මම ගෙන ගියේ නිවේදිකාවන් ලෙස නිළියොත් සමඟ ඒකත් ගොඩක් ජනප්‍රිය උණා. ඊට පස්සේ තමයි ඇත්තටම දෙවැනි නිෂ්පාදනය හඬ 100% youth  හරිම සාර්ථක වුණා. මගේ පළවැනි සහාය නිෂ්පාදනය එක්ක. ටී පාටි වැඩසටහනේ මම සහාය නිෂ්පාදකවරයා ඉඳලා නිෂ්පාදකවරයා බවටපත් වුණා. එහෙයින් පසු ආරම්භ කරපු වැඩ සටහනේ මම නිෂ්පාදකවරයා වෙනවා. ඒ දෙවැනි වැඩසටහනයි.චමින්ද තෙන්නකෝන් සහ සුබෝධිනී කරුණානායක සම නිෂ්පාදකවරුන් ලෙස මගෙත් එක්ක කටයුතු කරනවා. මේ දෙන්නාගේ සහයෝගය මට 100% youth  (හන්ඩ්ඩ්‍රඩ් ප්‍රසන්ට් යූත්) මේ වැඩසටහන කරගෙන යන්න ගොඩක් බලපෑවා.

 

ඔබ දුර ගමනක් ඇවිත් දැනට වැඩසටහන් කියක් විතර කරලා තියෙනවද?

මුලින්ම කළේ Tea part වැඩසටහන ඉන්පස්සේ හන්ඩ්ඩ්‍රඩ් ප්‍රසන්ට් යූත්, පට්ට පට පට, ළමයි සම්බන්ධව කරන්න වැඩසටහනක් හොඳටම පැහිලා, මේ වැඩසටහනෙන් පස්සේ සංගීතමය වැඩසටහන් දෙකක් පටන් ගත්ත. එකක් Record bar  කියලා ඊට පස්සේ, පූල් බාලාස්ට්, වෙනස්ම ආරකට සංගීත වැඩසටහනක් කළා සජිත ඇන්තනී නිවේදකයා ලෙස සහභාගි කරවාගෙන city of music,  2021 වර්ෂය මේ වැඩසටහනට රයිගම් සම්මානය ද ලැබුණා. නොපෙනෙන මානය වැඩසටහන ගොඩක් ජනප්‍රියට පත්වුණ සටහනක් වුණා. ඊට අමතරව නාලිකාවේ අවුරුදු වැඩසටහන් ටික සියල්ලම කරනවා. කලාකරුවන් සම්බන්ධ කරගෙන අවුරුදු වැඩසටහන් ටික සහ පේසියා තරු වරුණ වැඩසටහනක් කරනවා. මේ වැඩසටහන් කරන අතරතුරේ තමයි මට හිතුණේ අපේ තාත්තලා අම්මලාට සංගීතමය වැඩසටහනක් ගේන්න ඕන කියලා. මේ ගැන ෂර්මිලා ධර්මරාෂා වැඩසටහන් අධ්‍යක්ෂකවරිය සමඟ සාකච්ඡා කරලා වැඩසටහන පටන් ගන්නට ප්‍රථම ඉහළ අධ්‍යක්ෂක මණ්ඩලයත් සමඟත් සාකච්ඡා කරල මේ වැඩසටහන ගේන්න හැකි වුණා. අද වන විට හතරවන අදියර දක්වා ගෙනත් තිබෙනවා. මේ වැඩසටහන නිසා අම්මලා තාත්තාලා සහ ප්‍රේක්ෂකයෝ පුදුමාකාර විදිහට සතුට භුක්ති විඳීන්නේ. ජීවිතයේ සුන්දරම කාලය ගත කරන ඔවුන්ගේ කලා හැකියාවන් පෙන්නන්න දරු, මුණුපුරන්ට ඒ අවස්ථාව විඳින්න දෙනවා තරම් මම සහ මගේ නිෂ්පාදක කණ්ඩායම ලබපු සතුටක් තවත් නැති තරම්ය. ඉතාම ඉහළ ජනප්‍රියත්වයකින් ඔසවා තැබූ වැඩසටහනක් තමයි 60 නතභඵ වැඩසටහන. පළමු වැඩසටහන ඉවර වෙලා දෙවැනි වැඩසටහන එනකම් අම්මලා, තාත්තලා නොඉවසිල්ලෙන් හිටියේ. ඒ වගේම තමයි අද 4 වැනි අදියර දක්වා පැමිණි වැඩසටහන ඉවර වෙන්නේ කවදාද ? ඊළඟට බලාගෙන ඉන්නෙ 5 වැනි වැඩසටහන කවද්ද ආරම්භ කරන්නේ කියායි.

 

එකම ධාරාවක වැඩසටහන් නිෂ්පාදනය කරන්නේ ඇයි?

නිෂ්පාදකවරයෙක් හැටියට මම එහෙම එකම ධාරාවේ ගමන් කරන වැඩසටහන් නිෂ්පාදනය කරලා නැහැ. ඒත් සංගීතමය පැත්තට වැඩසටහන් නිෂ්පාදනය කිරීමට වැඩි නැඹුරුතාවයක් තියෙනවා. ඕනෑම ක්ෂේත්‍රයක එක් අංශයක් හරහා යනකොට ටිකක් ඔහු ලබන අත්දැකීම් හා ප්‍රායෝගික දැනුම් සම්භාරය වැඩි. ක්ෂේත්‍රයක එහෙම දිගටම යන එකත් හොදයි කියලා මම හිතනවා.එවිට ඒ නිෂ්පාදකවරයා හෝ අධ්‍යක්ෂවරයා යටතට අංශයක් බිහිවෙනවා. ඒ අංශය දියුණු කරගෙන ඉදිරියට ගෙනියන්න පුළුවන් ඕනෑම ආයතනයක දෙපාර්තමේන්තුවක.අනු කොටස් කැඩීම තුළින් එහි කාර්යක්ෂමතාවය ඉහළ නංවා ගන්නට පුළුවන් වෙනවා. ඔහු හෝ ඇය අන්තර්ජාලය තුළින් හෝ පරිශීලනය කරන ග්‍රන්ථ තුළින් හෝ ප්‍රායෝගික අත්දැකීම්වලින් ඔහුගේ වපසරිය පුළුල් කර ගන්නවා. එකම තැනකට ගුලිවෙලා කටයුතු කරන්නැතුව විනිවිදභාවයක් තුළ කටයුතු කළාම නිර්මාණශීලිත්වය වැඩි වෙනවා. නිර්මාණ කරණයේ යෙදෙන ඕනැම අයකු අලුත් අලුත් දේවල් සොයලා සමාජගත කරන එක තමයි මම නම් දකින්නේ හොඳම දේ. එහෙම කියලා මම පරණ දේවල් අයින් කරන්න කියලා කවදාවත් කියන්නේ නැහැ.

 

පවත්වනු ලබන හැම සම්මාන උලෙළකම නිර්දේශ නාමාවලියට පමණයි එකතු වෙන්නේ?

මම ජීවිතේ වැඩසටහන් කරන්නේ සම්මාන බලාපොරොත්තුවෙන් නෙමෙයි. කරන වැඩසටහන් හොඳම වැඩසටහන් අතරට නිර්දේශ වීමත් මම හිතන්නේ සම්මානයක් ලැබුවා වගේම තමයි. වසර 2020/2021 සහ 2022 වර්ෂයේද මගේ සංගීතමය වැඩසටහන් නිර්දේශ නාමාවලියට එකතු වෙලා තියෙනවා. කැසට් එක වැඩසටහන city of music මේ අවුරුද්දේ  60 plus නිර්දේශිත නාම ගොන්නට එකතු වුණා. මේ අතරින් city of music වැඩසටහන සම්මානයට පාත්‍ර වුණා 2021 වර්ෂයේ. අපි සමාජයට යම් මෙහෙවරක් කරනවා නම් අනිවාර්යනේම ජූරිය විසින් තීරණය කරයි සම්මානයක් දෙනවද නැද්ද කියන එක.

 

ප්‍රේක්ෂකයා අතරට ගෙන යා හැකි හොඳම වැඩසටහන් ලෙස ඔබ දකින්නේ මොනවා ද?

කුඩා දරුවන්ගේ රුචිකත්වය අනුව වැඩසටහන් නිෂ්පාදනය කිරීම සහ නව යොවුන් වියේ පසුවන තරුණ තරුණියන් රටේ පවතින සමාජීය හා සංස්කෘතිය පදනම් කරගෙන සමාජයට අනුගතව කාලීන වැඩසටහන් නිෂ්පාදනය කළ යුතු වෙනවා. මැදි විය යුතු පිරිස් සහ මහලු වියේ සිටින පිරිසට කරන වැඩසටහන් කොටස් වශයෙන් වර්ගීකරණය කරලා රුචිකත්වය අනුව වැඩසටහන් නිෂ්පාදනය කළ යුතුයි. නිර්මාණය කරනු ලබන වැඩසටහන් ඔවුන්ගේ රුචිකත්වය මත කළොත් ඕනෑම වැඩසටහනක් ජනප්‍රියත්වය හා වැලඳගැනීම වැඩියි. අපි හැම වෙලේම වැඩසටහනකට ප්‍රථම ප්‍රේක්ෂකයාව තේරුම් ගත යුතුයි. දැන් ගොඩක් ප්‍රේක්ෂකයන් බලාපොරොත්තු වෙන්නේ රියැලිටි හා  franchise  වැඩසටහන්ය.

 

වැඩසටහන් නිෂ්පාදකවරයෙකු හැටියට වැඩසටහනක් නිෂ්පාදනය කරන කොට තිබිය යුතු ලක්ෂණ මොනාවද?

ඕනෑම වැඩසටහනක සාමුහික බැඳීමක් තියෙන්නේ. ඊඥචථ ඹධපඬ කියන එක ඕනැම වැඩසටහනක් ඇතුළේ එකට තිබිය යුතුයි. මේ නිර්මාණ ඇතුළේ හොඳම කාර්යභාරය කරන්නේ නොපෙනෙන කොටසයි. ටී මේකර් ගේ සිට නිෂ්පාදකවරයා දක්වා තියෙන්නේ ලොකු කාර්යභාරයක්. දම් වැලේ පුරුක කොහෙන්හරි කැඩුණොත් එය කැඩී ගෙන දිගටම යනවා. ඒ නිසා අපි කිසිවකු තනතුරු තානාන්තර තුළ නෙවෙයි නිෂ්පාදන කාර්යයක නියැළෙන්නේ. ඒ නිසා තමයි හැම වෙලේම හොඳ නිර්මාණයක් එළියට දාන්න අපිට පුළුවන් වෙන්නේ. අපි ලබන ජයග්‍රහණයත් එයම තමයි. මිල කළ සහ මිල නොකළ කියලා නිෂ්පාදන කාර්යයක් කළොත් අපි මිල නොකළ කොට්ඨාසය ලෙස එළියට දාන්නේ ඒ නිසයි. එය ඒ තරම්ම අමිලයි.

 

වැඩසටහනක් නිෂ්පාදනය කරන්න ප්‍රථම තෝරා ගැනීම් කටයුතු කරන්නේ කොහොමද?

අපි කරන වැඩසටහන්වලදි තිර පිටපතක් සැකසීම අනිවාර්යනේම සිදුවෙනවා. ඒ අනුව වැඩසටහන් අධ්‍යක්ෂිකාව වන ෂර්මිලා ධර්මරාෂා ගේ පූර්ණ අනු දැනුම ඇතුව. එය සමහර වෙලාවට පිටපතට අනුව කරන වෙලාවලුත් තියෙනවා. නැත්නම් ඒවා වෙනස් වෙන අවස්ථාද තියෙනවා. සමහරක් වැඩසටහන් අපේ පේජ් එකේ දාල තියනවා. ඒවා චනනතර කරපු චනනතර කරන කට්ටියට ගෙන්නලා ඉන්ටවිව් එකක් කරනවා. ඒ Team work  වලින් පාස් වුණාට පස්සේ අපි කැමරාවක් ඉදිරියේ කොහොමද වැඩකටයුතු සිදු වෙන්නේ කියන එක කැමරාවකට මුහුණ දෙන ආකාරය කොහොමද කියලා බලන්නත් අපි පොඩි ස්ක්‍රීන් ටෙස්ට් එකක් කරනවා. එහෙයින් තෝරා ගන්නා පිරිස් තමයි අපි වැඩසටහන් වලට සහභාගි කරවා ගන්නේ. ‘හොඳටම පැහිලා’ වැඩසටහන කුඩා ළමුන්ගේ වැඩසටහනක් නිසා අපි ඒවා ගැන හරිම ප්‍රවේශමෙන් තමයි වැඩ කරන්නේ. මාධ්‍ය සදාචාරාත්මක නීති පද්ධතිය තුළ අපි එයට අනුගත වෙලා ඕනෑම වැඩසටහනක් කරන්නේ. ඒ හින්දා තමයි අපේ වැඩසටහන් හැම එකක්ම ජනප්‍රියත්වට පත් වෙන්නේ.

 

අනිත් නාලික එක්ක සංසන්දනය කරනකොට අන්තර්ජාතික වශයෙන් කොතනද ඉන්නේ?

විද්‍යුත් මාධ්‍ය ක්ෂේත්‍රය මොහොතින් මොහොත වෙනස් වෙනවා. ඒ වගේ වකවානුවක අපි අතන ඉන්නවා. මෙතනින් නෑ කියලා කියන්න කාටවත් බැහැ. සමස්තයක් හැටියට ගත්තාම ලෝකයේ ප්‍රේක්ෂකයා තමයි හැම නාලිකාවක්ම කරන කියන වැඩසටහන් සහ ඔවුන්ගේ ක්‍රියාදාමයන් තුළ ජීවත් වෙලා සහතිකයක් ලබා දෙන්නේ. විවිධ ශානරයන් ඔස්සේ කොටස් වශයෙන් ගත්තොත් පුද්ගල සම්බන්ධතාවයන්ට හා පරම්පරාවන්ට වෙන වෙනම නිර්මාණාත්මක නිර්මාණශීලී දේවල් කරනවා නම් ජනතාව විසින් දෙන සලකුණ තමයි මම නම් සලකන්නේ අන්තර්ජාතික සලකුණ කියලා. මම කැමති හැමදාම අලුත් නිර්මාණයක් බිහි කරන්ටයි. වෙනත් කම්පැනියක හා ආයතනයක නැත්නම් රටක නිර්මාණයක්. විවිධ රටවල් කරපු දේවල් අපි විසින් රැගෙන නිර්මාණාත්මක දේවල් මේවා කියලා පෙන්නන්න අපි සූදානම් නැහැ. ලෝකයේ විවිධ නිර්මාණකරුවන්ගේ නිර්මාණ තියෙනවා. අන්න ඒ නිර්මාණ දිහා හොඳීන් ඇස් ඇරලා බලලා. ඒ නිර්මාණ කොපි නිර්මාණ නොකර ඒවාගෙ අන්තර්ගත වන දේවල් අපේ දේවල් හැටියට නව නිර්මාණයක් හැටියට කරන්න පුළුවන් නම් ඒක අගය කිරීමක් ලෙස මම දකිනවා. අපි කරන නිර්මාණ බලලා කවදහරි ඒවට අගයක් දෙනවා නම් ඕනෑම තැනකින් එය අපි පිළිගන්නවා. අද පවතින සියලුම නාලිකාවල තරුණ ජවය තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා තරුණ ජවයෙන් උපරිම ඵල නෙළා ගැනීම තමයි අපි සියලු දෙනාම කළ යුතුයි කියන තැනයි මම ඉන්නේ.

 

Digital Platform කරණය ගැන මොකක්ද ඔබේ අදහස වන්නේ?

අපි කරන ඕනෑම නිර්මාණයක් Digital Platform කරණය තුළින් තමයි අද ප්‍රේක්ෂකයා වැලඳ ගැනීම වැඩි වෙලා තියෙන්නෙ. ඉදිරියේදී එන සියලුම නිර්මාණ මට පේන විදිහට නම් ඩිජිටල් ප්ලැට්ෆෝම් ඇතුළේ තමයි කරන්න වෙන්නේ. මාධ්‍ය ක්ෂේත්‍රය වේගයෙන් දුවන ගමන තියෙන්නෙ ලෝකය වටේ. ඒ දුවන ගමනේ අපි බැටන් එක නොගත්තොත් අපි පරාද වෙනවා. ඒ හින්දා අපිත් ඒ ගමන යා යුතුම වෙනවා. අපි කරන සෑම නිර්මාණයක් තුළටම දැන් මේ වෙනකොටත් ද අනුගත වෙලා ඉවරයි. ගෙදර තිබෙන රූපවාහිනිය වෙනුවට අතට එන ෆෝන් එක අපේ ජීවිතයේ එක් අංගයක් වෙලා ඉවරයි. මොහොතින් නිමේෂයෙන් ඒ සියල්ලම දැනගෙනත් ඉවරයි. ඩිජිටල් ලෝකයේ වේගවත් ගමන මාධ්‍ය ලෝකයේ පෙරළියක් ඉදිරියේදී ඇති කරනවා.එහි කොටස්කරුවන් ලෙස අපිත් එකතු විය යුතුයි කියන තැන මම අදත් හෙටත් ඉන්නවා.

 

මේ ආපු ගමනේ ජීවිතයේ ආපස්සට හැරිලා බැලුවොත් ඔබ ගාව කවුද ඉන්නේ?

අදටත් මේ ගමනට උදව් කරපු සියලු දෙනාම මගේ පිටුපසින් ඉන්නවා. විශේෂයෙන්ම මම කරන මේ නිර්මාණවලට සංස්කරණයෙන් දායක වන සියලු දෙනාම සහ තිරයේ ඉදිරිපස සහ පිටුපස ඉඳන් උදව් කරන සියලුම දෙනා හා විශේෂයෙන්ම මගේ බිරිඳ සහ දරුවන් දෙදෙනාට ස්තුති වෙනවා. මම කරන රාජකාරියට ඔවුන් තිදෙනා ගෙන් ලැබෙන්නේ පුදුම සහයෝගයක් හින්ද හැම කටයුත්තකටම මට ඉඩකඩ සලසලා දීලා තියෙනවා. ඒ වගේම ක්ෂේත්‍රයේ ජ්‍යේෂ්ඨයන්ගේ සිට කනිෂ්ඨයන් දක්වා මට මේ ගමනට පුදුමාකාර උදව් උපකාර කරන්නේ ඔවුන්ගෙන් ලැබෙන ගුරුහරුකම් අපමණයි. ඉතින් ඉදිරියටත් මේ යන ගමනට මට ඔවුන්ගෙන් ලැබෙන ආශිර්වාදය මම හැමදාම බලාපොරොත්තු වෙනවා.

 

 

[email protected]