වර්ෂ 2023 ක්වූ December 04 වැනිදා Monday
මා කම්පනයට ලක් කළ තේමාවලින් මගේ ටෙලි නාට්‍ය ගොඩනැඟුවා

ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයකු, නිෂ්පාදකවරයකු, තිර රචකයකු වශයෙන් විශිෂ්ට නිර්මාණ රැසක් බිහිකළ සුරංග ලක්මාල් සෙනෙවිරත්න එයිනිඳු නොනැවතී සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය පිළිබඳ කැලණිය සහ රජරට විශ්වවිද්‍යාලයන්හි බාහිර කථිකාචාර්යවරයකු ලෙස ද කටයුතු කරයි. හෙතෙම ඉන්දියාවේ පූනේ සිනමා පාසලෙන් චිත්‍රපට රසවින්දනය සහ විචාර ඩිප්ලෝමාව ද , සාමජික හා සාමයික කේන්ද්‍රයේ රූපවාහිනී නිර්මාණ සහතික පත්‍ර පාඨමාලාව ද හදාරා ශාස්ත්‍රීය මෙන්ම පර්යේෂණාත්මක දැනුම් සම්භාරයකින් යුතුව කලා ලොවට පිවිසි නිර්මාණකරුවෙකි. ඔහුගේ නවතම ටෙලි ඇබ්බැහිය වූ ‘අනිච්චාවත සංඛාරා’ පසුගිය 08 වැනිදා සිට ජාතික රූපවාහිනියේ විකාශය ආරම්භ විය. සුරංගගේ නව ටෙලි ඇබ්බැහිය පිළිබඳවත් ඔහුගේ සිනමා, කලා පර්යේෂණ භාවිතය පිළිබඳවත් හරවත් සංවාදයක යෙදීමේ අරමුණින් හෙතෙම සරසවිය හා සම්මුඛ වූයේ මෙසේය...
මොකද්ද මේ ඔබේ නවතම ටෙලි ඇබ්බැහිය..?
ඇත්තටම ලංකාවේ ටෙලි නාට්‍ය කියන අංශය අපි පුංචි කාලෙ ඉඳලා ඇබ්බැහියක් වෙලා තිබ්බෙ. ඒක කලේ ජාතික රූපවාහිනිය. රෑ 8.30 කියද්දිම මතක් වුණේ ටෙලි - නාට්‍ය. ඒ ඇබ්බැහිය ආයෙත් අලුතින් ඇති කරන්ඩ තමයි සති අන්තයේ
‘අනිච්චාවත සංඛාරා’ නමින් අපි නිර්මාණක් කරන්නෙ.
මෙහි නමම තරමක් වෙනස්. ඒ නම යෙදීමට හේතුව පැහැදිලි කළොත්...? මෙය ප්‍රේක්ෂකයා වැලඳගනීව් යැයි අනුමාන කළ හැකිද?
ඔව්, නම වෙනස් කියලා අපිට හිතෙනවා තමයි. ඒත් අපි වෙනස් වෙනව නං නම වෙනස් කියලා හිතෙන්නෙම නැහැ. බොහෝ අය අහන එකක් තමයි ‘නම වෙනස් කරන්ඩ බැරිද?’ කියලා. ඒකම තමයි මේකේ ථචපඬඥබඪදඨ කෑල්ල. වෙන පැත්තකින් බැලුවොත් ‘අනිච්චාවත සංඛාරා’ කියන්නෙ බුදු දහමෙ marketing එක. ඒ ප්‍රබල දැක්ම තියෙන වාක්‍යය අපි පාවිච්චි කරන්නෙ මරණයෙදි. ඒක ‘බැනර්’ එකකට, අවසන් කටයුතුවලදි හැඩ නගල කියවන ගාථාවල කොටසකට සීමා කරලා. ඇත්තටම උදේ හම්බවුණාම අනිච්චාවත සංඛාරා කියනවනං සමුගනිද්දී ඒක කියනවනම් නේද නියම බෞද්ධයා වෙන්නෙ. ඒක අපි නාට්‍ය මඟින් යෝජනා කරනවා. ප්‍රේක්ෂකයා මේක වැලඳගනීද කියන්න අපිට අනුමාන කරන්න බැහැ. ඒත් අපි ඒක ප්‍රේක්ෂකයටම භාර දෙමු. වැඩේ උපරිමයෙන් කරමු කියන අදහසේ තමයි ඉන්නේ.
මෙහි රංගනදායකත්වය දරන පිරිස මතක් කළොත්..?
චින්තක වාස් පළමු වරට ප්‍රධානම චරිතය නිරූපණය කරනවා. උමයංගනා වික්‍රමසිංහ ප්‍රධාන කාන්තා චරිතයට හොඳ සාධාරණයක් කරනවා. ලාල් කුලරත්න, කාවින්ද්‍යා දුල්ශානි, ගගනි ටමාෂා, මාලි ජයවීරගේ, දිනිඳු ඒකනායක, ජෙහාන් අප්පුහාමි, ජනක කුඹුකගේ, ප්‍රින්සි ප්‍රනාන්දු, කමල් දේශප්‍රිය, රූපා පතිරණ, කපිල සිගේරා, ගයාන් කුරුප්පුආරච්චි, ප්‍රාර්ථනා සමාධි, තරිඳු දේවතන්ත්‍රි, සියාරා ගඟුලි, මාලක විතානගේ, සිත්රූ වනිගරත්න, නිශාන්ත නානායක්කාර, රුචිර මධුශංක, හසූ දිසානායක වගේ අය රංගන දායකත්වය දෙනවා. විශේෂයෙන් අපේ TV Academy මගේ රංගන පාසලේ සිසුන් රැසකුත් මෙහි රඟපානවා.
‘අනිච්චාවත සංඛාරා’ ඔබේ ටෙලිනිර්මාණ භාවිතයේ හැරවුම් ලක්ෂ්‍යයක් වේවිද...?
හැරවුම් ලක්ෂ්‍යයක්ද කියන එක තීරණය වෙන්නෙත් විකාශය වෙනකොට සහ වුණාට පස්සෙ. මට කියන්ඩ පුළුවං වෙනස් අන්තර්ගතයක් වෙනස් ආකෘතියක් ඉදිරිපත් කරනවා කියලා විතරයි. ඒක පළමුවෙන්ම අපි විඳීන වැඩක් වෙන්ඩ ඕනී. ඒක අපි විඳීනවා. බලමු.
ඔබ නිර්මාණය කළ ‘අංගාණි’ ටෙලිනිර්මාණය ඔබ දිවිගෙවූ අනුරාධපුරයේ වාරි තාක්ෂණය ගැන කතාවන නිර්මාණයක්. එය ඔබේ අත්දැකීම් කේන්ද්‍ර කරගෙන බිහිවූවක්ද...?
‘අංගාණි’ මං තනියෙන් ලියපු, අධ්‍යක්ෂණය කරපු, නිෂ්පාදනය කරපු නිර්මාණය. ඒ පළමු ටෙලි - නාට්‍යයත් විකාශය වුණෙත් ජාතික රූපවාහිනියේ. ඒත් ඒක වාරි තාක්ෂණය ගැන නෙවෙයි. ‘උරුමය විකිණෙන අරුමය’ තමයි ඒකෙ තේමාව. මං ඉපදුණේ සහ විශ්ව විද්‍යාලයට කොළඹ එනකං වැඩියෙන්ම ජීවත් වුණේ ඔය අනුරාධපුර පූජා නගරෙ නටඹුන් එක්ක. මගේ අත්දැකීම් අනිවාර්යයෙන්ම ඒක පෝෂණය කළා. මොකද නිර්මාණයක් එන්නෙම පරිකල්පනයත් එක්ක. පරිකල්පනය හැදෙන්නෙත් තම අත්දැකීම් වල වපසරිය එක්ක.
අංගාණි ටෙලි නාට්‍ය මගේ පළමු ස්වතන්ත්‍ර නිර්මාණය වෑයම. ඒකට රටේ විවිධ පාර්ශවයන් එකම විදිහට බැඳුණා. ප්‍රතිචාර දැක්වූවා.
ඔබ පසුගිය සමයේ තරමක නිහැඬියාවක සිටි බව පෙනුණා.
නිහඬ නැහැ. වසර එකහමාරකට පෙර ‘කකුළුවෝ මකුළුවෝ’ විකාශය වුණා සියත TV. ඇත්තටම මේ නිහඬ වගේ තිබ්බ කාලෙ තමයි අනිච්චාවත සංඛාරා කළේ. ඒකෙන් 2022 - 2023 Shooting Schedules දෙකක් කරා. විකාශය පරක්කු නිසා නිහඬයි වගේ පේන්ඩ ඇති. ඒත් රංගනය ගැන නොකඩවා අධ්‍යයනයක්, පර්යේෂණයක් කරමින් යනවා අපේ TV සිසුන් එක්ක. නිෂ්පාදනය ගැනත් කෙරෙනවා. චිත්‍රපටයකටත් තවම මූලික කටයුතු කරමින් ඉන්නවා.
ඔබේ ටෙලිනිර්මාණවලින් ඔබ වඩාත් කම්පනයට පත්කළ නිර්මාණය ගැන කීවොත්...? එහි විශේෂත්වය කුමක්ද....?
මා වඩාත්ම කම්පනය කරන්නේ කොයි නිර්මාණයද කියලා කියන්න ගියොත් අර දුව හොඳයි පුතා ඊට වඩා හොඳයි වගේ එකක් වෙනවා. හැම නිර්මාණයකම වස්තු බීජය සහ ආකෘතිය මා කම්පනයට පත් කළ එකක් තමයි. ඒ කම්පනය නිර්මාණය ස්වරූපයෙන් එළියට එනවා. ඇත්තටම අංගාණී, අනවරත, කොළඹ අපි ආවා, කකුළුවෝ සහ මකුළුවෝ වගේම ‘අනිච්චාවත සංඛාරා’ ත් එකම විදිහට මා කම්පනයට පත් කරනවා. ඒ ඒ ආකෘතිය ඇතුළෙ සහ අන්තර්ගතය ඇතුළෙ කම්පනයේ හැඩය වෙනස් වෙනවා.
සන්නිවේදන හා මාධ්‍ය විෂයයන් පිළිබඳ බාහිර කථිකාචාර්යවරයකු වන ඔබ නිහඬ චරිතයක්...කථිකාචාර්ය තනතුර ඔබේ නිර්මාණකරණයට ඉවහල් කරගන්නේ කෙසේද...?
මං බාහිර කථිකාචාර්යවරයකු විදිහට රජරට විශ්වවිද්‍යාලයෙත් කැලණිය විශ්වවිද්‍යාලයේත් කටයුතු කරල තියෙනවා. සන්නිවේදනය, මාධ්‍ය, ටෙලි නිෂ්පාදන හා චිත්‍රපට ආදියත් මගෙ විෂයන් හා මාතෘකා වුණා. නිහඬව තමයි ඉගැන්වීම් කාර්යය කළේ. කරන්නේ. රට පුරා රංගන වැඩමුළුත් කරමින් ඉන්නවා. ප්‍රමුඛවම ඉගැන්වීමට වඩා සාමූහික අධ්‍යයනයක් පර්යේෂණයක් කරමින් ඉන්නවා අපේ TV Academy මඟින්.
ඉන්දියාවේ පූනේ සිනමා පාසලින් Film Appreciation ඩිප්ලෝමාව හැදෑරූ ඔබට ඒ සඳහා අවස්ථාව ලැබුණේ කෙසේද...?
ඒක ඉන්දියාවෙන් මෙහෙ ඇවිත් චිත්‍රපට සංස්ථාව එක්ක කරපු පාඨමාලාවක්. මහාචාර්ය සුරේෂ් චෞර්යා සහ මහාචාර්ය චෞද්‍රිගේ මෙහෙයවීම් හා දේශන යටතේ ලබපු පුදුම අත්දැකීමක්. කෙටි කාලයක් තුළ ඒ සහතික පත්‍ර පාඨමාලාවට චිත්‍රපට 57ක් වගේ බලලා විචාර/රසවින්දනය කරන්ඩ තිබුණා.
සිනමාකරණය පිළිබඳ ශාස්ත්‍රීයව හැදෑරූ ඔබ සිනමාවට පය තබන්න අදහසක් නැද්ද?
මේ ශ්‍රව්‍ය දෘශ්‍ය නිර්මාණ ගමනේ පරිපාකය විදිහට අපි දකින්නෙම සිනමාවම තුළයි. කාලයක් සැලසුම් කරමින් ඉන්නවා. පිටපතක් කපමින් කොටමින් ඉන්නවා. බලමු. ඉක්මනින් වැඩේට අතගහන්ඩ.
එංගලන්තයේ රූගතකිරීම් කළ ‘සන්තුෂ්ටි’ කෙටි චිත්‍රපටය ගැන යමක් කීවොත්..?ඔබ එම කෙටි චිත්‍රපටයෙන්ම නැවතුණාද..?
ඒක මං එංගලන්තෙ MBA, MSC හදාරද්දී Crawley නගරය අවට කරපු විශේෂ කෙටි චිත්‍රපටයක්. London වල අපේ මිත්‍රයො ටිකක් පිහිවටගත්තු ‘අපේ Dreams’ නිර්මාණ කවයේ කෙටි චිත්‍රපට උලෙළට කරපු එකක්. එතනින් ඉවර නැහැ. විවිධ පර්යේෂණ සහ චිත්‍රපටයටත් හොඳ අත්දැකීමක් එය. සංතුෂ්ටි Youtube හි තිබෙනවා.
මීට දෙවසරකට පෙර විකාශනය වූ ‘කකුළුවෝ සහ මකුළුවෝ’ ටෙලිනාට්‍යය එතරම් ජනතාව අතරට ගියේ නැහැ නේද..?
ඒක අසාර්ථක වුණේ නැහැ. ඉතාමත් සාර්ථක වුණා. කොටස් 50ක් කළා. තව කොටස් 50ක් සියත TV එක ඉල්ලද්දී තමයි අපි නැවැත්තුවෙ. මුදල් ප්‍රශ්නය තදින් බලපෑවා. මේ ක්ෂෙත්‍රයේම සහ නාලිකාවල යම් යම් ගැටලු මතත් දේශපාලන සහ ආයතන ප්‍රතිපත්තිය මතත් නිර්මාණවලට පුදුම ඛේදනීය ඉරණම්වලට මුහුණ දෙන්ඩ වෙනවා.
තිර රචකයකුද වන ඔබ තිරරචනයක් ගොඩනැගීමේදී මූලිකවම අවධානය යොමුකරන කරුණු මොනවද...?
තිර රචනය තමයි නාට්‍යයක හරි චිත්‍රපටයක හරි හදවත. පිටපත සම්පූර්ණ වුණහම නිර්මාණය 50%ක් සම්පුර්ණයි කියලා තියෙනවනේ. ඒක 80%ක් කියන අයත් ලෝකෙ ඉන්නවා. මම මූලිකවම අවධානය යොමු කරන්නේ ලියන්ඩ යන්නේ මොන මාධ්‍යයටද කියන එක. ඒකට සාපේක්ෂව ලියවිල්ල සකස් වෙනවා. පූර්වාපර සන්ධි ගැළපුන කතාවක් ගොඩනඟනු වෙනුවට මං කරන්නෙ හැම විටම ඒ ඒ මොහොත, තත්ත්වය ගොඩනගන එක (Situations). අන්තර්ගතයක් කොහොමත් හදාගෙනනේ. ඉතිං ආකෘතිය අපූර්ව කරන ලියැවිල්ලකට තමයි මං වැඩි අවධානයක් දෙන්නේ. ඒක ඇතුළෙ චරිතවල අනන්‍යතා ගොඩනැගීම ගලා යාම, ප්‍රේක්ෂකයා රඳවා තබාගැනීම.
නවකතා රචකයකු, ජනමාධ්‍යවේදියකු වන සුරංග සෙනෙවිරත්න ගැන ඔබ හඳුන්වා දෙන්නේ කෙසේද....?
මං නවකථා රචකයෙක්ද දන්නෑ. හැබැයි අංගාණී නවකථාව ලිවුවා මගේ අංගාණී ටෙලිනාට්‍යය විකාශය වූ පසු ඒකම මුද්‍රිත වෙනත් ස්වරූපයක් විදිහට. ‘මං හොයන මං’ නවකථාව ලියූවා මුහුණු පොතේ ජනප්‍රියත් වුණා. ලිවීම මගේ කැමතිම කලාව. ඒ නිසා විවිධ format වල ලියැවිලි කරනවා.
ජනමාධ්‍යවේදීයෙක් විදිහටත් යම් කාර්යයක් මේ රටේ කරලා තියෙනවා. ලංකා, සත්හඬ, රන්දිව, කොළඹ, පාරාදීසය , රාවය වගේ පුවත්පත්වල ලියල තියෙනවා. සිරස - ටැලන්ට් ෆැක්ටරි නාට්‍ය අංශ ප්‍රධානියා විදිහටත් සිරස ප්‍රවෘත්ති අංශයේ විධායක නිෂ්පාදක හා උපදේශක ලෙසත් වැඩ කරල තිබෙනවා.
සිනමා කෘතියක ආකෘතිකමය පාර්ශ්වය ගැන ඔබේ ආකල්පය කෙසේද...?
මේක ටිකක් සංකීර්ණ ප්‍රශ්නයක්. මං ඉන්නෙම හැම කලාවකම අන්තර්ගතය අබිබවා ආකෘතිය මතුවිය යුතුයි කියන මතයෙ. ආකෘතිය තුළින්ම තමයි අන්තර්ගතය හොයාගත යුත්තේ. චිත්‍රපටයකත් කොච්චර ලස්සන ප්‍රස්තුතයක් කතාවක් වුණත් එය ඉදිරිපත් කරන විලාසය අනුව තමයි ඒක ප්‍රේක්ෂකයා, රසිකයා වැලඳ ගන්නේ.
වේදිකාවට ගොඩවෙන්න අදහසක් නැද්ද...?
වේදිකාව කියන්නෙ විශේෂ අඩවියක්. ඒක හොඳ අධ්‍යයනයකින් කළ යුතුයි. ඒක කාලයක් කළා මම. ලියලත් තියෙනවා වේදිකා නාට්‍යයක් ‘නොද - ඬඪදඨ’ කියලා. ඒක අපි අත්දැකපු දේශපාලනයේ මේ රටේ විශේෂ මොහොතක් අලළා ලිව්වේ. සුභ සහ යස වගේ රජ පුටුව 2015 මාරුවුණ හැටි තමයි ඒකෙ ලියැවුණේ. ප්‍රහසනය ඇතුළත්ව ඛේදනීය දේශපාලනය ඒකෙ තියෙනවා. ඕතචජඬ ජධථඥඤර කියලා කියන්ඩත් පුළුවං. බලමු නිෂ්පාදකයෙක් කතා කරමින් ඉන්නවා.
ඔබ බොහෝ ජනමාධ්‍ය පාඨමාලාවන්හි අධ්‍යක්ෂවරයෙක්, උපදේශකවරයෙක්..එහි වගකීම් ඔබට දැනෙන්නේ කෙසේද...?
මගේම Acting සහ Production පුහුණු කරන Academy එක ‘අපේ TV Academy ’ ඇතුළු බොහෝ පාඨමාලාවලත් විශ්ව විද්‍යාල සහ විවිධ පාසැල් වලත් පාඨමාලා, වැඩමුළු, දේශන කළා. කරනවා.ඒ වගේම ජනමාධ්‍ය අමාත්‍යාංශය සමඟ ජනමාධ්‍ය පුහුණු පාසැලක් (ජාතික වශයෙන්) යෝජනා වෙද්දී ඒ තේරුම් කමිටුවේ 5 දෙනා අතර මමත් හිටියා. පාර්ලිමේන්තුවටත් අවසන් වාර්තාව දුන්නා. ඉතිරිය ඒගොල්ලො අතේ.
අපි නැවත තව දින දෙකකින් දකින අලුත්ම ඇබ්බැහියට හැරෙමු. මෙහි පුද්ගල මනෝභාවයන් ගැන ඔබ චරිත කේන්ද්‍රීයව සාකච්ඡා කරන්නේ කෙසේද..? ප්‍රේක්ෂකයා මෙය කෙසේ භාරගනීවිද....?
‘අනිච්චාවත සංඛාරා’ කියන්නෙ මගෙ ටෙලිනාට්‍ය ගමනෙ රිද්මය තවත් වෙනස් කරපු නිර්මාණයක්. අසුබ ලෙස දැනෙන මේ ගාථා පාඨය ඇත්තටම පුදුම තරං සුභ, ලස්සන, ගැඹුරු එකක්නේ. බුදු දහමේ ජපඥචථ එකනේ. උදේ හම්බවුණහම වෙන්වෙනකොට මේ වාක්‍ය (අනිච්චාවත සංඛාරා) කියන්ඩ පුරුදු වුණා නං නියමයිනේ.
චරිත කේන්ද්‍රීය කියන කතාව ටිකක් හරි. ඒත් හැමචරිතයකටම ආවේණීක ලකුණක් ඉතිරි කරලා ඒ ඒ අවස්ථා, සිද්ධි එක්ක චරිත හැසිරෙන විදිහ අනුව ඒ චරිතවල අභ්‍යන්තරය මතු කරන්ඩ උත්සහ කළේ. කියන දෙබස්වලින් චරිතවල මනෝභාවයත් මතු වෙනවා ඇති. ඒත් මං ඒක කරන්නෙ අවස්ථාවවලට මුහුණ දෙන විදිහ එක්ක. ප්‍රේක්ෂකයා කොහොම වැලඳගනීද කියන එක ටිකක් නිරීක්ෂණාත්මකව බලන්ඩ වෙනවා. ටිකක් වෙනස් අත්දැකීමක් වගේ නිසා. හැබැයි දැනටම ලොකු ප්‍රතිචාරයක් ලැබෙමින් යනවා. මේක ටිකක් විප්ලවීය ගතියක් තියෙන නිසා නමේ ඉඳලම. බලමු.
රූපවාහිනී චැනල් රැසකම විධායක නිෂ්පාදකවරයෙක් ලෙස සිටි ඔබ අද ඒවායින් දුරස් වුණාද...?
මගේ පළමු අත්දැකීම් සියල්ල පාහේ සිරස TV talent factory එක්ක තමයි ලැබුණෙ. රටේ පළමු දීර්ඝ නාට්‍ය මාලා අත්දැකීම ඉන්දියාවත් එක්ක මෙහෙයවන්ඩ වුණේ මට. ඒ වගේම පළමු රියැලිටි show වල ප්‍රමුඛ පෙළේ අධ්‍යක්ෂකවරයෙක් වුණේ මම. ‘අහන්න ආසයි ගයන්න’ ,‘ කාගෙද ගී නද’, ‘සවනට වදනක්’ ආදී Game show 12ක විතර Episodes 200කට වැඩියෙන් කරලා අත්දැකීම් රාශියක් අරං තියෙනවා. ඒක ටෙලි නාට්‍ය පැත්තට හැරුණෙත් ඒ ආතනයෙන් එළියට බැස්සට පස්සෙ.
‘කොළඹ අපි ආවා’ , ‘අංගාණි’ , ‘අනවරත’ ජනතාව අතරට එදා ගියා. ඒ ගැන් මතකය සිහිකළොත්...?
මගේ බහුකැමරා (Multi Camera) නිෂ්පාදන ලෙස ගෙවන ජීවිතය වෙනස් වුණේ ‘අංගාණී’ ටෙලි නාට්‍යයත් එක්ක. කැමරා 4 සිට 9ක් දක්වා එකම වෙලාවෙ මෙහෙයවපු මට තනි කැමරාවකින් ඒ හැම කෝණයක්ම හසුකරන්ඩ සිද්ධ වුණ එක අමුතු අභියෝගයක්. ඒ වගේම අනුරාධපුර පූජා නගරය (මං ඉපදුණ අඩවියේ) ඒ අංගාණි රූගත කිරීම මට අහිංසක ආඩම්බරයක්. ‘අනවරත’ parallel univers නාට්‍යයට අනුව අනුරාධපුරයත් හපුතලෙත් shoot කළ අමුතු වැඩක්. විශාල ප්‍රතිචාරයක් ලැබුණා ‘අංගාණි’යට වගේම. දැඩි වෙහෙසකර වැඩක්. ලොකු පොඩි ගීතම 9ක් එහි ඇතුළත්. සුනිල් එදිරිසිංහ, සමන්ත පෙරේරා, පූර්ණිමා ධනංජනී ඇතුළු බොහෝ ශිල්පීන් ගැයුවා. (රූපවාහිනි) කොළඹ අපි ආවා කියන්නේ තවත් වෙනම වැඩක්. හද්ද පිටිසරින් ආපු අපට කොළඹදී වුණ අකරතැබ්බයම තමා ඒකෙ ඇතුළත් වුණේ. අතිශය නිදහස් ආරක් තමයි ඒකෙත් තිබුණේ. තේමා ගී සම්ප්‍රදාය උඩු යටිකුරු කළේ ඒකෙන්. ඉතාමත් ඉහළ ප්‍රතිචාරයක් රටෙන් ලෝකෙන් ලැබුණ වැඩක් තමයි කොළඹ අපි ආවා. (ITN) ‘කකුළුවෝ සහ මකුළුවෝ’ (සියත TV) කියන්නෙත් වෙනම පර්යේෂණයක්. අපේ TV Academy සිසුන් ප්‍රමුඛ කරගත් වෙනස් නාට්‍යයක්. ජනප්‍රිය ප්‍රවීණ ශිල්පීන් සමඟ කරට කර ආධුනිකයන් ස්ථානගත කරපු අභියෝගයක්. ඒකත් 100%ක් නිදහස් ආරකින් කළ එකක්. ප්‍රතිචාර රැසක් ලැබුණ ඒ නාට්‍ය අනුග්‍රාහකයන් නොමැති ප්‍රශ්න නිසා ඒක නිෂ්පාදකව අපහසුතාවයට පත්කළ අවස්ථාවක්. ඒත් නිර්මාණය ඉතා හොඳ තත්ත්වයකින් ප්‍රතිචාර ලබපු සාර්ථකම එකක්.
ලංකාවේ පළමු Mobile TV චැනලයට ඔබ අධ්‍යක්ෂණය කළ නාට්‍ය මාලා (Tele Series) 04 ගැන කීවොත්...
සුසිල Mobile TV තමයි ඒ. සිහින කාසි, ච්භඵබ , මං වහල උඩ, බිරින්දෑවරු තමයි ඒ නාට්‍ය. විශේෂයෙන් ච්භඵබ ඉතා හොඳ ප්‍රතිචාර ලබපු ච්ඥබඥජබඪමඥ වැඩක්. වෙනස්ම අත්දැකීමක්. හේතුව අඟල් සියගාණට ලොකු වෙමින් යන TV තිරයෙ නාට්‍ය, අඟල් 4-5 ක Phone එකකට ගොනු කිරීම. රූපරාමු වල සිටම ලොකු පර්යේෂණයක් කළා අපි. ඒ වෙනසටත් ආඩම්බරයක් දීම යම් ආඩම්බරයක්. ඒක පොදුවෙ සාලෙ බලපු නාට්‍ය තනිවෙලා අතේ තියාගෙන බලන්ඩ හදද්දී මනෝවිද්‍යාත්මක ප්‍රවේශයකුත් තිබ්බා. ඒකත් අභියෝගයක්.
ඔබ අධ්‍යක්ෂණය කළ වාර්තාමය වැඩසටහන් ගැන ආවර්ජනය කළොත්....?
වාර්තා නම් අඩුයි. ඒත් මගේ පශ්චාත් උපාධි ඩිප්ලෝමා එකට කළේ වාර්තා වැඩසටහනක්. (ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ලේඛකත්ව හා සන්නිවේදනය) " මරණවරණ තමයි ඒකෙ නම. සියදිවි හානිකර ගැනීම ගැන විවිධ campaign වලටත් වාර්තා වැඩසටහන් කළා. පරිසරයට විනාඩියක් පුංචි වාර්තා වැඩසටහන් මාලාවේ සහය නිෂ්පාදකයෙක් ලෙසත් මුලදිම වැඩ කළා.
සමාජ මාධ්‍ය ජාලා අද වනවිට ඉහළටම ඇවිත්. එහෙම පසුබිමක මෙරට සිනමා හා ටෙලිනාට්‍ය සංස්කෘතියට කිනම් ඉරණමක් අත්වේද....?
ලෝකය වෙනස් වෙමින් යනවා. හැම දෙයකම හැඩය වෙනස් වෙමින් යනවා. බුදු දහමේ කියන්නෙත් ඒකනේ. කෝකට මොන අත්දැකීමට මුහුණ දෙන්ඩ වුණත් ලෝකය ඒකෙ රිද්මයේ යනවා. කලබල විය යුතු නැහැ. කධභබභඡඥ එකට අපි ‘පෝළිමට එන්න’ කියලා නාට්‍ය මාලාවක් කලෙත් ඒකයී. ‘අපේ TV Eka’ තමයි මගේ චැනලය.
කතා සංකල්පයක්, තිර රචනයකට ගොඩනගා අධ්‍යක්ෂණය කිරීමේදී ඇතිවන සංකීර්ණ්ස් අවධීන් සිහිකළොත්.....?
මේක එක උත්තරයකින් ඉවර කරන්ඩ පුළුවං කතාවක් නෙමෙයි. කතා සංකල්පය දිගහැරලා ඒක ගොඩනඟලා ඒ හැඩය මුළුමනින්ම තාක්ෂණික අවශ්‍යතාවලට අවශ්‍ය හැඩයකට පෙරළීම තමයි තිර රචනයේදි වෙන්නේ. ඒක අධ්‍යක්ෂණය කරන්ඩ යද්දි අතිශය සංකීර්ණ තත්ත්වයක් තියෙනවා. බොහෝ අය හිතන Action - Cut කතාව නෙමෙයි අධ්‍යක්ෂණය. නළුවගේ මනෝභාවයත් චරිතයෙ මනෝභාවය එක සේ හඳුනාගැනීමේ ඉව අවශ්‍යයි. ඒ වගේම අවස්ථාව මෙහෙය වීම (Situation Handling ) අතිශය වැදගත්.
ටෙලි නිර්මාණකරණයේදී ඔබේ සංකල්පවල එකිනෙකට වෙනස් නැවුම් බවක් දක්නට ලැබෙනවා. ඔබ එය දකින්නේ කෙසේද....?
නිර්මාණයෙන් නිර්මාණයට වෙනස්ම ආකෘතියක් ගේන්ඩ මං උත්සහා කරනවා. අපූර්ව බවනෙ කලාවක බලාපොරොත්තු වෙන්නේ. ඒ කියන්නෙ පෙර නොවූ විරූ බව. ඒ අපූර්ව බව ආකෘතියට ගෙනාවාම අන්තර්ගතය ගැන ලොකුවට දඟලන්ඩ දෙයක් නෑ. මොකද අන්තර්ගතය කොහොමත් වෙනස් විදිහකින්නෙ අපි අලුත් වැඩක් පටන්ගන්නේ. මට ඕනෙ වෙනස්ම සංකල්පයක් ගේනගමන් මං ඒක ඉදිරිපත් කරන විලාසය වෙනස් එකක් කරන්ඩ. රංගනය නම් සියල්ල තාත්වික රීතියෙන් තමයි ගෙනාවේ.
ඔබේ අලුත්ම ඇබ්බැහියේ නළුනිළිවරණය තේරීමේදී යොදාගත් උපක්‍රම මොනවද...?
නළුනිළි වරණය කියන්නෙ ටිකක් සංකීර්ණ වැඩක්. හැම නිර්මාණයකම පාහේ මං අනුගමනය කරන්නේ එක්තරා ආවේණික ක්‍රමයක්. ලියද්දිම එන අදහස අනුව අහවල් කෙනා කියලා හිතලා ලියවෙන වෙලාවලුත් බොහොමයි. එහෙත් දින ප්‍රශ්න හෝ වෙනත් හේතු මත ඒ අය යොදාගන්න බැරි වුණොත් කියල හිතලා මැද ඉඳන් ලියන වෙලාවලුත් බොහොමයි. කොහොම වුණත් අධි රංගනයක නොයෙදෙන අයම තෝරගන්නවා. අලුත් පරපුරට සහ අලුතින්ම හඳුන්වා දෙන අය ලෙසත් බොහෝ දෙනා මං මෙවරත් යොදාගත්තා. දක්ෂතාවය සහ අවබෝධය මිස වෙන කිසිම හේතුවක් මට අදාළ නැහැ. සමහරවිට හැකියාව හොඳ වුණත් නිෂ්පාදනයෙදි සහාය නොදක්වා හොලිවුඩ් බොලිවුඩ් පහසුකම් බලාපොරොත්තු වෙන අය නිසානම් කලකිරෙනවා. මෙවරත් සමහර ශිල්පීන්ගෙන් එය අත්දකිමින් ඉන්නවා. මේ රටේ මේ කර්මාන්තය හිඟන විදිහකට තියෙන්නෙ. හිතන්ඩ බැරි මුදලකට නිර්මාණ කරන්ඩ වෙනවා. ඉතිං හිඟන්නගේ ගෙදර ඇවිත් Buckingham palace එකේ පහසුකම් බලපොරොතුවක් වෙනවනේ. විහිළු.
මෙරට සිනමා, ටෙලි සම්මාන උලෙළයන් ගැන ඔබේ අදහස...? අන්තර්ජාතික තලයට අපිට යන්න නම් තව මොනවද අපේ හදගතයුතු අඩුපාඩු.....?
කතා කරන්න ගියහම තරහත් යන ඒ එක්කම හිනත් යන මාතෘකාවක්. හිතාගන්ඩ මගේ උත්තරෙන්ම. එක්තරා නචපචඤධය එකක් කියලා හිතෙනවා. දක්ෂම සම්මාන දිය යුතුම අයට සම්මාන ලැබෙන වේදිකාවෙම තව ආත්ම ගාණකටවත් හදාගෙන සම්මාන ගත නොහැකියි කියලා හිතෙන අයටත් සම්මාන ලැබෙනවා. මොන නිර්නයකයකින් දෙනවද මන්දා. ටෙනිසන් කුරේ මියයන්න පෙර අවසන් වශයෙන් සහභාගී වූ සම්මාන උළෙලෙදී කිව්වනේ ‘සම්මාන දෙන විනිශ්චය මණඩලවල ඉන්නෙ අංක ගණිතය, භූගෝලය, දේව ධර්මය ඉගෙනගත්ත මහාචාර්ය ගොල්ලො’ එහෙම කියලා. ඉතිං කොහොමද රංගනය, තිර රචනය, අධ්‍යක්ෂණය වගේ දේ වලට සම්මාන දෙන්නේ. ඒ ගොල්ලො ඒ ඒ මිනුම් දඬු වලින් මනිනවා. දුකත් හිතෙනව.
මෙහෙමයි කලාවට අදාළ වැඩක් නම් ඉතිං ඒක කරන කෙනාවත් දන් නෑ ඒක කරේ මොකද කියලා. ඒක තේරෙනවා. පරිකල්පනය තමයි තමයි මුල් වෙන්නේ. ඒ වගේ දේකට උඩිං යන යටිං යන ඒවා හොය හොයා තම තමංට හිතෙන මිනුම්වලට දාලා මනිනකොට විකාරයක්. සල්ලි, හිතවත්කම්, ලෙන්ගතුකම්, ලිංගිකකම් එකතු වුණහම සම්මාන නිකම්ම කොට කෑලි, යකඩ කෑලි වෙනවා.
ඔබේ නිර්මාණයක් අන්තර්ජාතික තලයේ කතාබහට ලක්වෙනවා දකින්න කැමැති නැද්ද...?
අන්තර්ජාතික තලයට යන්ඩ කතා බහට ලක්වෙන්ඩ ටෙලිනාට්‍ය වලින් බැහැ. ඒක වුණත් පුළුවං හරිහමං වැඩ පිළිවෙළක් තිබ්බොත්. සමස්තය අවුල් රටක කොහොමද ටෙලිනාට්‍ය වගේ දෙයක් අන්තර්ජාතික තලයට යන්නේ. චිත්‍රපට තමයි ලෝකෙට යන්ඩ පුළුවං මඟ. බලමු සිනමාව තමයි ඇසිසිදි නිර්මාණ කරන අයගේ අන්තිම ඉලක්කය.
මීළඟ නිර්මාණ කාර්යය කුමක්ද....? ඔබේ ලේඛනකරණයේ නව ඉසව් මොනවාද....?
චිත්‍රපටයට මූලික සැලසුම් කරනවා. ඒකත් වෙනස්ම අත්දැකීමක් වෙයි. ටෙලි නාට්‍යවලට මේ රටේ දැං අත්වෙලා තියන ඉරණම අනුව දැං ආයෙ ටෙලිනාට්‍ය කරනවද නැද්ද කියල හිතහිත ඉන්නේ.
නැවත ටෙලිනාට්‍යයක් කරන්ඩ අවස්ථාවක් ලැබිල තියනවා. බලමු. ලේඛනය තමයි මගේ කැමතිම ඉසව්ව. මුද්‍රණය කරත් නොකරත් ලියනවා. කවි ලියනවා, තිර පිටපත් ලියනවා. ජ්ඕ වල පවා ලියනවා. කලා විචාර ලියන්න ආසයි. දැං කාලය ටිකක් මදි.