වර්ෂ 2023 ක්වූ December 04 වැනිදා Monday
Five Million Money Drop දෙවැනි අදියර අරඹයි
සැප්තැම්බර් 21, 2023

අන්තර්ජාතික වශයෙන් ව්‍යාප්තව ඇති වරලත් වැඩසටහනක් වන Money Dropහි ලාංකික අනුවාදය වන Five Million Money Drop වැඩසටහනෙහි පළමුවැනි අදියර අතිසාර්කථකව නිමා වූ අතර ඉමහත් ප්‍රේක්ෂක ආදරයක් දිනා ගනිමින් 2022 වසරේදී විකාශය විය. ඒ ලද සාර්ථකත්වය නිසාම සිරස TV නාළිකාව එහි දෙවැනි අදියර පසුගිය 02 වැනිදා සිට ප්‍රේක්ෂකයන්ට සමීප කිරීමට කටයුතු සැලසීය.
Five Million Money Drop දෙවැනි අදියර වැඩසටහන් 50කින් අවසන් වේ. සති අන්තයේ රාත්‍රී 9.00 සිට 10.00 දක්වා සිරස TV තුළින් දිග හැරෙනු ඇත. චරිත් අබේසිංහ විසින් මෙවරත් වැඩසටහන මෙහෙයවනු ඇත.